පළාත් පාලන මැතිවරණයට ආණ්ඩුවේ පාර්ශ්වයන් මුහුණදිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා පොහොට්ටු පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අද (08) පස්වරුව්දී හමුවීමට නියමිතය.



එම සාකච්ජාව අද පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ සාගර කාරියවසම් සහභාගී වන බවත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන, රවී කරුණානායක, සාගල රත්නායක, අඛිල විරාජ් කාරියවසම් හා වජිර අබේවර්ධන ඇතුළු කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව ඇති බවත් වාර්තාවේ.

ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් බව, එක්සත් ජාතික පක්ෂය පවසයි.

පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කළේ, පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් සමග අද (08)  පැවැත්විමට නියමිතව ඇති සාකච්ජාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි.

 

මෙම සාකච්ජාව සම්බන්ධයෙන් 'නිවුස්ෆස්ට්' කළ විමසීමකදී පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පවසා ඇත්තේ, පළාත් පාලන මැතිවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් සමග අද (08)  විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවත්, එහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිම පිළිබදව අවධානය යොමු කරන බවත් ය.

 

උතුරට 'විණාවෙන්' - නැගෙනහිරට 'බෝට්ටුවෙන්'


මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි උතුරු පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ඩග්ලස් දේවානන්දා ගේ නායකත්වයෙන් යුත්, ඊලම් ජනතා ප්‍රජාතන්තවාදි පක්ෂයේ 'විණාව' ලකුණින් තරග කිරීමට දැනට සැලසුම් කර ඇතැයි පොහොට්ටුව පවසයි.

එම පක්ෂය ප්‍රකාශ කළේ නැගෙනහිර පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ‍ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ බෝට්ටුව ලකුණින් තරග කිරීමට සැලසුම් කර ඇති බව ය.

දකුණේ සියලු දිස්ත්‍රික්ක වලට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට දැනට සැලසුම් කර ඇතත්, එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව, ඉදිරිපත් වන ලකුණ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව, පොහොට්ටුව කියා සිටියි.

 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්