හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන්

ආණ්ඩු පක්‍ෂයට එක්වූ කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග (CBK) නිල නිවසේ දී අද (8) පැවැත්විණි.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය ඇමතිවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායමක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ, හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් බණ්ඩාරනායක ගුණසමරු පදනම මගින් ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී අද (8) උදෑසන පැවැත්වූ උත්සවයට එක්වීමෙන් අනතුරුව පිරිස මෙම සාකච්ඡාව පවත්වා ඇත.

වර්තමාන දේශපාලන තත්වය සහ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව වාර්තා වේ.


ශ්‍රීලනිපය උදේ කියපු කතාව !

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ, නව ලකුණකින් නව සන්ධානයක් යටතේ එලඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තවත් පක්‍ෂ රැසක් සමඟ එක්ව ‘නිදහස් ජනතා සන්ධානය’ නමින් ‘පහන’ ලකුණ යටතේ මෙවර පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට සාකච්ඡා කර ඇතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් 'නිදහස ජනතා සභාව', ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව, යුතුකම සංවාද කවය ආදී පක්‍ෂ රැසකින් යුත් විමල් වීරවංශ ගේ සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’, ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ මෙන්ම තවත් කණ්ඩායම් රැසක් හා එක්ව ‘ජනතා නිදහස් සන්ධානය’ යටතේ තරඟ කරන බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය උතුරු, නැගෙනහිර පළාත් සඳහා අත ලකුණ යටතේ වෙනම තරඟ කිරීමට නියමිත බව ද වාර්තා වේ. 

 

 

ලේකම් ධුරය නිසා සාකච්ජා බිඳ වැටිලා !

කෙසේවුවද අද පස්වරුවේ වාර්තා වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 'නිදහස ජනතා සභාව' සහ උත්තර ලංකා සභාගය’ සමග පැවති සාකච්ජා බිඳ වැටි ඇති බවයි.

යෝජිත සන්ධානයේ ලේකම් ධුරය තම පක්ෂයට අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුකර ඇති අතර එනෙකුත් කණ්ඩායම් ඊට අනුකුලත්වයක් නොදැක්වීම නිසා සාකච්ජා අතරමැද දී බිඳ වැටීමට හේතුවී ඇතැයි වාර්තාවේ.

 

  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්