එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සහ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුන ද සජිත් ප්‍රේමදාස ඊට සහභාගී වී නොවුයෙන් එම සාකච්ජාව කල්දමා ඇත.

කථානායක කරූ ජයසූරියගේ පෞද්ගලික නිවසේදී මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබිණ. 

මෙම හමුවට සහභාගී නොවූ සජිත් ප්‍රේමදාස දැනුම් දී ඇත්තේ තමා මේ දිනවල අසනීප තත්වයෙන් පසුවන බැවින් මෙම රැස්වීමට සහභාගී වීමේ හැකියාවක් නොමැති බවයි.

කෙසේවෙතත් මේ වන විට විපක්ෂ නායක ධුරය සහ එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ පක්ෂය තුළ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර විපක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පසුගියදා ලිඛිතව කතානායකවරයා වෙත දැනුම් දුන්නේය.

එමෙන්ම විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට යෝජනා කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ද කථානායක කරූ ජයසූරිය වෙත ලබාදීමට මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා පියවර ගත්තේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්