යෝජිත පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නම් කිරීමට යෝජනා වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.



පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, කොළඹ දිස්ත්‍රීක්කයේ එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා පත්වීමට නියමිතව ඇත්තේ ඒ.එච්. එම්. ෆවුසි හිටපු අමාත්‍යවරයාය.

ඒ.එච්. එම්. ෆවුසි හිටපු අමාත්‍යවරයා මේවනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂපාති ස්ථාවරයක සිට කටයුතු කරන බැවින් මුජිබර් රහුමාන්ට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට පක්ෂ නායකත්වයේ අනුමැතියක් මෙතෙක් ලැබී නොමැති බව පැවසේ.


මුජිබර් රහුමාන් 1991 දී සිය දේශපාලන ආරම්භ කරන්නේ 'ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ' ගොඩනගමිනි. එහිදී ඔහු එජාපයේ ලලිත් - ගාමිණී පාර්ශවයේ අරගලයට සහය පළකරමින් ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකරනු ලැබිය. අනතුරුව 1994දී නව සම සමාජ පක්ෂයට එක්වූ මුජිබර් රහුමාන්, 1996 දී 'මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ' පිහිටුවනු ලැබිය. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් වූ එම පක්ෂය 1999 ජනාධිපතිවරනයේදී සහය පලකලේ ජවිපෙ අපේක්ෂකයා වූ නන්දන ගුනතිලකටයි. අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගිය ඔහු යලි මෙරටට පැමිණීමෙන් පසු 2005 දී එජාපයට එක්විය. 2006 පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවට තරඟ කිරීමට ඔහු නාමයෝජනා ලබාදී තිබුනද එජාප නාමයෝජනා පත්‍රය අවලංගුවිම නිසා ඔහුට නගර සභාවට තේරී පත්වීමට තිබු අවස්ථාව අහිමිවිය. කෙසේවුවද 2009 දී හා 2014 එජාපයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ මුජිබර් පළමුවරට එජාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ 2015 වසරේදී කොළඹ දිස්ත්‍රීක්කයෙනි. 2020 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට පත්වුයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු ලෙසයි.




පොහොට්ටුව කොළඹට ඇප බඳියි


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (9) ඇප මුදල් තැන්පත් කර ඇත.

එම පක්ෂය නියෝජනය කරන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඇතුළු පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළහ.



323447503 725740458765802 7758738121251506462 n

විපක්ෂය නොමග යවන මොහෙයුමක් ද ? 

 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ඊයේ (08) පස්වරුවේ පැවැත්වූ විශේෂ සාකච්ජාවේදී පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවහොත් ගතයුතු පොදු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති බව වාර්තාවේ.

එහිදී ඇතම් පළාත්පාලන ආයතන සඳහා 'පොහොට්ටුව' ලකුණින් ද ඇතැම් පළාත් පාලන ආයතන සඳහා 'අලියා' ලකුණ යටතේද ඇතැම් පළාත් පාලන ආයතන සඳහා පොදු ලකුනකින්ද තරග කිරීමට එකඟතාවයක් ඇතිකර ගෙන ඇතැයි ද පැවසේ.

මෙහිදී කොළඹ මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 'අලියා' ලකුනුන් තරග කිරීමට එකඟත්වය පළකර ඇතැයි ද තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

 



සබැඳි පුවත් :
පොහොට්ටුවේ සහ එජාපයේ ප්‍රධානින් අතර සාකච්ජාවේදී ගත් තීන්දු තීරණ මෙන්න


 
JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්