පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා

විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් තුනක් ගොනු කර තිබේ.

ඒ, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුනිල් වටගල, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසිනි.

එම අතරමැදි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ රට තුළ ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බව සඳහන් කරමින් විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි.

එමෙන්ම අදාළ පෙත්සම පවත්වාගෙන යාම සඳහා සාධාරණ නීතිමය පදනමක් පවතින බව තහවුරු කිරීමට පෙත්සම්කරු අසමත් වී තිබෙන බවද අතරමැදි පෙත්සම්කරුවන් පෙන්වා දෙති.

එමෙන්ම වැරදි සහගත සහ නොමඟ යවන සුළු තොරතුරු  අදාළ පෙත්සම තුළින් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවට අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කරති.

එබැවින් අදාළ පෙත්සම සදහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සියලු සංවිධාන කටයුතු බලරහිත කරමින්, මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සිව්දෙනා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් ලබාදෙන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර විසින් ජනවාරි 02 දා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකළේය.



සබැඳි පුවත් :

පුංචි ඡන්දය කල් දමන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

 


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්