සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද දහවල් 1.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ නායකත්වය යටතේ ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගාවලිය මෙය වේ. 2021 වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති පළමු තරගාවලියේදී තරග 2-1කින් තරගාවලි ජය ඉන්දියාව සතු විය.

අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දිල්ශාන් මධුශංක හෝ ළහිරු කුමාර අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද අද තරගයේදී භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග වලින් අනාවරණ වේ.


ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මාගේ නායකත්වයෙන්


ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් විස්සයි විස්ස තරගාවලිය අහිමි වූ රෝහිත් ෂර්මා එක්දින තරගාවලියේදී නැවත සුපුරුදු පරිදි ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දෙයි.

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ද මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ අතර කොන්දේ ආබාධය සුව වී සිටින ජස්ප්‍රිට් බුම්රා එක්දින තරගාවලියේ සිට නැවත කණ්ඩායමට එක්වීමට තීරණය කර තිබුණද, ඔහු තවදුරටත් විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ඉන්දීය සංචිතය - රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදෙව්, ශ්‍රෙයාස් අයියර්, ලෝකේෂ් රාහුල්, ඉශාන් කිෂන්, හර්දික් පාණ්ඩ්‍යා, වොෂින්ග්ටන් සුන්දර්, යුස්වේන්දර් චහල්, කුල්දීප් යාදෙව්, අක්සාර් පටෙල්, මොහොමඩ් ශාමි, මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික්, අර්ශ්දීප් සිං

දෙරට අතර මේ දක්වා එක්දින තරග 162 ක් පවත්වා ඇති අතර ඉන් 93 ක් ජය ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. තරග 57 ක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ. තවත් තරග 11 ක් විසඳුමකින් තොරව නිමා වී ඇති අතර එක් තරගයක් ලකුණු සම  වී ඇත.


නිල තරග විකාශක SUPREME TV


මෙම Master Card කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තරග විකාශන අයිතිය හිමිකර ගෙන ඇත්තේ, මෙරට සුප්‍රීම් TV නාලිකාවයි.


UHF අංක 47 ( දීප ව්‍යාප්ත ආවරණය ),
UHF අංක 49 ( බස්නාහිර ට),
UHF අංක 28 (දකුණට ),
UHF අංක 56 ( සබරගුමුවට ) හා
ඩයලොග් ටීවි නාලිකා අංක 20 ,
පියෝ ටීවී නාලිකා අංක 140 හා

Free Sat HD නාලිකා අංක 17 න් ඔබට මෙම ක්‍රිකට් තරග නැරඹීමට හැකියාව තිබේ.

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්