ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) සහ එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක හමුවක් අද (10) පැවැත්වේ.



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරීමත්, පොදු ලකුණක් යටතේ තරග කිරීම ඇතුළු කරුණු පිළිබඳව පොදු එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතව ඇති බව සඳහන් ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් අද පැවැත්වෙන සාකච්ජාව සඳහා පක්ෂ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ සහ සංජිව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් සහභාගිවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය අලියාගෙන්, පොහොට්ටුවෙන් හා පොදු ලකුණක් යටතේ තරග කරන පළාත් පාලන ආයතන මොනවා ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (ජන. 10) පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණයක් ගන්නා බව එ.ජා.ප. මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින් ද ඇතැම් ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව පොහොට්ටුව ලකුණින් ද ඇතැම් ආයතන සඳහා පක්ෂ දෙක ම පොදු ලකුණකින් ද තරග කිරීමට නියමිත බව මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියලු ම පළාත් පාලන ආයතනවලට තරග කිරීම සඳහා අපේක්ෂකයන්ගේ නාම ලේඛන සකස් කරමින් පවතින බව ද හෙතෙම කීවේ ය.

අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමන් සමග නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහභාගී වන බව එජාප මහ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පසුගිය ඉරිදා ද විශේෂ සාකච්ජාවක් පැවැත්විය.


සබැඳි පුවත් :
පොහොට්ටුවේ සහ එජාපයේ ප්‍රධානින් අතර සාකච්ජාවේදී ගත් තීන්දු තීරණ මෙන්න


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්