ඊයේ දින විදුලි ගාස්තු 65% කින් වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාදුන්නද ලංකා විදුලිබල මණ්ඩලයට, අමාත්‍යංශයට,
කැබිනට් මණ්ඩලයට විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව කිසිසේත්ම විදුලි ගාස්තු පිළිබඳව තීරණයක් ගැනීමට බලයක් නොමැති බව හිටපු විදුලි බල අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ 43 සේනාංකයේ අද (10) පැවති විදුලි බිල වැඩි කිරීම සාධාරණද? යන්න පිළිබඳව පවත්වන ලද මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මේ සඳහා 43 සේනාංකයේ මුදල් ලේකම් සුමේද රත්නායක, 43 සේනාංකයේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර, 43 සේනාංක කාන්තා එකමුතුවේ සම්බන්ධීකාරක ප්‍රියදර්ශනී ආරියරත්න සම්බන්ධ විය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේ ද පැවසිය.


''ලංකා විදුලිබල මණ්ඩලයට, අමාත්‍යංශයට, කැබිනට් මණ්ඩලයට විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිසමේ පනත අනුව කිසිසේත්ම බලයක් නැහැ විදුලි ගාස්තු වැඩි කිරීමට. බලය තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසමටයි. මහජන උපයෝගිතා කොමිසමට දැන් ලබාදීලා තියෙනවා විදුලිබල මණ්ඩලයේ වියපැහැදම් පිළිබඳ විස්තරයක් 2023 වර්ෂයට අදාලව. ඒ අනුව ජනවාරි පළවෙනිදා සිට විදුලි ගාස්තු වැඩි කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට විරුද්ධයි.
 

ලංකා විදුලිබල මණ්ඩලයේ වියදම් වැඩි වීම නිසා විදුලි ගාස්තු වැඩි කිරීමට අවශ්‍යයයි කියන තර්කය තමයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යයාධිකාරීවරයාත්, ඇමතිවරයාත් කියන්නේ. ජූලි මාසයේ මණ්ඩලයේ ආදායම සංඛ්‍යාලේඛන අනුව, රුපියල් මිලියන 19,285 යි. අගෝස්තු මාසයේ විදුලි බල ගාස්තු ඉහළ නැංවීමෙන් පස්සේ, ඔක්තෝම්බර් මාසේ වෙනකොට රුපියල් මිලියන 34,573 කට වැඩිවෙනවා. සමස්ත ආදායම ගත්තොත් ජූලි මාසයේ රුපියල් බිලියන 20 සිට රුපියල් බිලියන 37 දක්වා වැඩි වෙනවා. ඒක තමයි විදුලි ගාස්තු වැඩි වීමෙන් වෙන්නේ.

වියදම් මොනවා ද? ජනන වියදම් සහ විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප්, නඩත්තු කටයුතු මේ සියල්ලම විදුලි ගාස්තු වැඩි කිරීමට පෙර ජූලි මාසයේ  බිලියන 41 පමණ. නමුත් අගෝස්තු මාසය වෙනකොට ඒක රුපියල් බිලියන 32 අඩුවෙලා. ඔක්තෝම්බර් බිලියන 26 යි, නොවැම්බර් බිලියන 29යි. ඒ කියන්නේ මේ ගාස්තු වැඩිවීම විදුලිබල මණ්ඩලයේ ඉන්ධන වියදම්, වැටුප් සහ අනෙකුත් නඩත්තු කටයුතු පියවා ගැනීමට ප්‍රමාණවත්. මහජන උපයෝගිතා කොමිසමට කරුණාකරලා ජනතාවට ප්‍රසිද්ධ කරන්න 2022 වර්ෂයේ ලංකා විදුලිබල මණ්ඩලයේ වියපැහැදම්.

ලංකා විදුලිබල මණ්ඩලය බිල් නොගෙවීම නිසා මහජන බැංකුව, ලංකා බැංකුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිය සැපයුම්කරුවන්ට පොලී ගෙවන්න වෙලා තියෙනවා නොගෙවූ ගාස්තු නිසා. ඒ නිසාම මුල්‍ය වියදමක් තියෙනවා. නමුත් ඒක අතීතයට අයිති කාරණයක්. එය විදුලිබල මණ්ඩලයේ වියදමක් නෙමෙයි. ඒක අතීතයේ සිදු වූ යම් යම් කරුණු නිසා ඇති වූ තත්වයක්. ඒ මුල්‍ය වියදම (financial cost) එක එක මාස වල වෙනස් වෙනවා. ඊට අමතරව ක්ෂය වීම්, Depreciation ආදිය හැරුණු විට මණ්ඩලයේ වියදම ආවරණය වෙලයි තියෙන්නේ. දැන් මේ කරන්න යන්නේ අදායම බිලියන 55 සිට බිලියන 60 දක්වා වැඩි කරන්නයි. වියදම වැඩියෙන්ම ගිය අවුරුද්දේ වියදම වෙලා තියෙන්නේ බිලියන 40 යි. එතකොට මේ 55 දක්වා වැඩි කරන්නේ මොකටද? විදුලි කප්පාදුවක් තිබුණා පැය 2 විනාඩි 20. ඒ නිසා යම් ඉතුරුවක් ලංකා විදුලිබල මණ්ඩලයට තියෙන්න ඇති. ඒක එකතු කළත් මේ තරම් විශාල වැඩිවීමක් කිසිසේත්ම සිදුවෙන්න බැහැ.

විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමට භාරදීලා තියෙන විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදය හරහා,


# ඒකක 30 පාවිච්චි කරන ඉතාම දුප්පත් ජනතාවගේ බිල රුපියල් 360 සිට රුපියල් 1,300 වැඩිවෙනවා. වැඩිවීම 261% (රටේ දුප්පත්ම ජන කණ්ඩායම මිලියන 1.1)

# ඒකක 60 පාවිච්චි කරන අයගේ විදුලි බිල රුපියල් 780 සිට  රුපියල් 2,560 වැඩි වෙනවා. 228%කින්. (ජනතාව දාහතර ලක්ෂයයි)

# ඒකක 90 වැඩි අයගේ රුපියල් 1,800 සිට රුපියල් 4,430වැඩි වෙනවා.

#  ඒකක 1000ක් පාවිච්චි කරපු අයගේ විදුලිය රුපියල් 69,000 සිට රුපියල් 71,000ට වැඩිවෙලා. 4% වැඩි කරලා තියෙනවා.
 


තෙල්, ගල් අඟුරු වලට මිල යනවා නම් ඒක අය කරගත යුත්තේ ඒකක 1,000 නැතහොත් අඩුම ගණනේ ඒකක 300 ඉහළින් වැය කරන අයගෙන් මිස සාමාන්‍ය ජනතාවගෙන් නෙවෙයි. ඊළඟට මේ 2012 වෙනකන් කිසියම් දුරකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයුවේ අඩු මිලට. ඒක වෙනස් කරේ මාව අමාරුවේ දැමීමේ පරමාර්ථයෙන් පී. බී. ජයසුන්දර මහත්තයාත්, ඒ කාලේ අපේ අමාත්‍යංශ ලේකම්තුමත්, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ උපදෙස් මත තමයි. දැන් ලීටරයක් වෙන්නේ රුපියල් 208යි. හැබැයි ලංවිමට මේක විකුණන්නේ 320ට. මේ ආණ්ඩුවේ බදු නිසා සහ අකාර්යක්ෂමතා නිසා විදුලි ඒකකයට වැඩි මුදලක් ගෙවන්න පාරිභෝගිකයාට සිද්ධ වෙලා තියෙනවා.




ගල් අඟුරු මිල ඩොලර් 330 කියලා හිතලා තමයි ලංකා විදුලිබල මණ්ඩලය ගණන් හදලා තියෙන්නේ. හැබැයි අද ගල් අඟුරු සපයන්නේ ඩොලර් 240ට. ගල් අඟුරු වලත් විදුලි ඒකකයකට රුපියල් 50 විතර වැඩිපුර ගාණක් ජනතාවට පටවලා තියෙනවා. මේ අලුත් විදුලි ගාස්තු වැඩි කිරීම හරහා ජනතාවගෙන් ගන්න යනවා බිලියන 120ක්. කොටින්ම සමෘද්ධිය දෙන්නේ බිලියන 60යි. පොහොර සහනාධාරයට බිලියන 50යි. විදුලි බිලෙන් එක පාරින් ඒ සියල්ලම ජනතාවගෙන් ආපහු උදුරා ගන්නවා. එමෙන්ම ආගමික ස්ථානවලටත් 200% පමණ නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම මේ කාලේ වෙනකොට අපේ කර්මාන්ත සේවා ක්ෂේත්‍රය කඩා වැටෙමින් තියෙන්නේ. අපි රජයෙන් ඉල්ලා හිටිනවා කරුණාකරලා මේ දඩබ්බර විදිහට වැඩ කරන්නේ නැතුව මේ පිළිබඳව කටයුතු කරන්න. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ගෙදර යන්න සිද්ධ වුණේ, චන්ද්‍රිකා මැතිනියට 2001 ගෙදර යන්න සිද්ධ වුණේ විදුලි අර්බුදයක් නිසා ඒ තත්වය ඇති කර ගන්න එපා.

cxzfgderg



''ජල විදුලි බලාගාර වල සම්පුර්ණ අයිතිය හිමිවන්නේ ජනතාවට''

ඉන් අනතුරුව මෙම අසාධාරණ විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳව 43 සේනාංකයේ මුදල් ලේකම් සුමේද රත්නායක පවසා සිටියේ මෙරට ඇති ජල විදුලි බලාගාර ස්ථාපිත කර ඇත්තේ ජනතාවගේ බදු මුදලෙන් බවත් එහි සම්පුර්ණ අයිතිය හිමිවන්නේ ජනතාවට බවත්ය.

"මේ ජල විදුලි බලාගාර සියල්ලගේම මුදල්, ණය මුදල් මේ වෙනකොට ගෙවා නිම කර තිබෙන්නේ ඒ ණය මුදල් ගෙවනු ලැබුවේ මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. ඒ නිසා මේ ජල විදුලි බලාගාර අයිතිය තියෙන්නේ ඇත්තටම රජයට නෙමෙයි. මේ ජල විදුලි බලාගාර ලැබිලා තියෙන්නේ මේ රටේ ජනතාවට. මේවා විකිණීමට හෝ මේ වාසිය රජයට අත්පත් කර ගැනීමට මේ රජයට කිසිඳු අයිතියක් නැහැ."


දකුණු ආසියානු කලාපයේ වැඩිම විදුලි බිලක් ඇති රට ශ්‍රී ලංකාව !

ඉන් පසුව 43 සේනාංකයේ වෘත්තීය සමිති සම්බන්ධීකාරක බන්දුල චන්ද්‍රසේකර අදහස් දක්වමින් පවසා සිටියේ දකුණු ආසියානු කලාපයේ වැඩිම විදුලි බිලක් ඇති රට ශ්‍රී ලංකාව බවත් එය සම්පුර්ණයෙන් වැරදි ක්‍රමවේදයක් බවත්ය.

"මේ රටේ තියෙන ස්වාධීන කොමිෂන් දාල, ප්‍රජාතන්ත්‍රවාදය කතා කළාට, ස්වාධීන කොමිසම්වල බලය, ඒවායේ නීතිය, ඒක්‍රමවේද සම්පූර්ණයෙන්ම පස්සට දාලා, බල්ලට දාලා, තමන්ට ඕන විදියට තමන්ගේ  වුවමනාව ඉෂ්ට කරගන්නයි මේ ක්‍රියා කරන්නේ. ඒ හින්දා ඒකට අපිට ඉඩ දෙන්න කොහෙත්ම බැහැ. අපි පැහැදිලිවම කියනවා මේ රටේ විදුලිබල ඇමතිවරයාට වියදම එකතු කරගන්න නෙමෙයි පාරිභෝගිකයා ඉන්නේ කියලා"


එමෙන්ම මෙම මාධ්‍ය හමුව සඳහා එක්වූ 43 සේනාංක කාන්තා එකමුතුවේ සම්බන්ධීකාරක ප්‍රියදර්ශනී ආරියරත්න පවසා සිටියේ විදුලියට වෙනත් විකල්පයක් නොමැති බවත් අධ්‍යාපනය හදාරන දුවා දරුවන් සිටින දුප්පත් පවුල් සඳහා මෙම විදුලි ගාස්තු වැඩි කිරීමෙන් සිදුකරනු ලබන්නේ අතිශය අමානුෂික ක්‍රියාවක් බවයි.



hgjkglk


ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදෙන ලදී.


ප්‍රශ්නය:
කොයි පැත්තෙන් හරි එල්ලිලාද ඉදිරියට යන්නේ මැතිවරණ කටයුතු වල. ඔබතුමන්ලාටම කියලා හැංගිච්ච මොනාහරි පක්ෂ තියෙනවද?


පිළිතුර:
ජනතාවගේ මතය නිරූපණය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පරික්ෂා කරන්න මැතිවරණ අවශ්‍යයි. මේක දැන් වසංගත කාලයක් නෙවෙයි. යුධමය තත්වයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ මැතිවරණය පැවැත්විය යුතුයි. විශේෂයෙන්ම රට බංකොලොත් කළ පිරිස සහ ඒ අයට අනුනාද සපයපු කණ්ඩායම් පිළිබඳව හෙළිදරව් කිරීමක් කිරීමටත් ඒ වගේම බිම් මට්ටමේ නායකයෝ පිරිසක් බිහි කර ගැනීමටත් හොඳ අවස්ථාවක්. රට බංකොලොත් කළ විශේෂයෙන්ම රාජපක්ෂවරු හා බැඳිච්ච බලවේග වලට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන් කණ්ඩායම් එක්ක අපි සමගියෙන් ක්‍රියා කරනවා.


ප්‍රශ්නය:
පහුගිය කාලය පුරාම ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් විශේෂයෙන් ලොකු ලොකු මාතෘකා එනවා. ජනතාව තුළත් යම්කිසි ප්‍රසාදයක් තියෙනවා. ඔබතුමන්ලාගේ මතය මොකක්ද? වෙන පැත්තකට මේ රැල්ල යයිද?


පිළිතුර:
මහජනයා ජාතික ජන බලවේගයට ජනවරමක් දෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒක මහජනයාගේ කැමැත්ත. ජාතික ජන බලවේගයේ වගකීම තමයි ඒ කියපු දේවල් ඉෂ්ඨ කරන එක. ජාතික ජන බලවේගෙට ජන රැල්ලක් තියෙනවා හරි මොනවා හරි ඒ පැත්තට. ඉතින් එහෙම නම් ඒ ඡන්දය ලබා දෙයි.


ප්‍රශ්නය:
 ඔබතුමාලා එකතු වෙන කණ්ඩායමේ වගකීමක් නැහැනේ කොහෙවත්. හිතකවත් කොනකවත්?

පිළිතුර:
ජාතික ජන බලවේගය එක්ක නැහැ අපේ එහෙම අදහසක් නැහැ. කොහොමත් මම එහෙම හිතන්නේ නැහැ සාකච්ඡාවක් දෙන්නෙම නැතිවෙයි.


ප්‍රශ්නය:
ඒ කියන්නේ ඒ කට්ටිය කෙලින්ම කඩලා දාන්න පුළුවන්ද?


පිළිතුර:
 අපි මැතිවරණය සම්බන්ධයෙන් නෙවෙයි. වෙනත් පොදු අරමුණු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡාවක් කළා. රටේ ආර්ථික තත්වය, සමාජ ක්‍රියාකාරිත්වය. උදාහරණයක් හැටියට දැන් මේ විදුලි බිල වගේ දේවල් වලදී.


ප්‍රශ්නය:
මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය නැතුව මේ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කරන්න ගියොත් මේක නීත්‍යයානුකුලද?


පිළිතුර:
කිසිසේත්ම නීත්‍යයානුකු නෑ. අමාත්‍යංශයට, කැබිනට් මණ්ඩලයට ප්‍රතිපත්තිමය තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ දුගියන්ට අඩුවෙන් විදුලිය දෙනවා වගේ තීරණයක්. එහෙම ඇරෙන්න නිශ්චිත ගණන් හිලව් ඉදිරිපත් කරන්න බැහැ. නිශ්චිත ගණන් හිලව් ලංකා විදුලිබල මණ්ඩලය ලබා දෙන්න ඕන මහජන උපයෝගිතා කොමිසමට. දැන් ලංකා විදුලිබල මණ්ඩලය ඒවා ලබා දීලා තියෙනවා.

ඒ සම්බන්දව කරන ලද Twitter පනිවිඩය,

fhdh


After the tariff hike (75%) in August 2022, CEB achieved cash profits for both October and November 2022 without considering old debt burden and financial cost.

Hence, current 'Cost reflective' 65% tariff hike could not be justified.

* Still CPC and Treasury taxed CEB for fuel and coal. Debts own by CEB mainly accumulated from tax payable to government. It's time to  review this vicious tax policy (Tax on Tax) & provide economic relief by implementing proper cost reflective fuel pricing.

 

 
 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්