ප්‍රකාශනයේ නිදහස අගය කරන සියලු පිරිස් පුද්ගල විවේචන මතවාද පසෙක ලා ICCPR

මර්දන පණතට එරෙහිව වහා නැගී සිටිය යුතු බව 'රැඩිකල් මැද සාමුහිකය' මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධානය කර සිටියි.

'රැඩිකල් මැද සාමුහිකය' මංගල සමරවීර විසින් රැඩිකල් සමාජ වෙනසක් වෙනුවෙන් ආරම්භ කළ මතවාදී මෙහෙයුමයි.

'රැඩිකල් මැද සාමුහිකය' විසින් අද (10) දින නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.

සිවිල් සහ දේශපාලන අයිතීන් වෙනුවෙන් වූ ජාත්‍යන්තර සම්මුතිය ICCPR ලංකාවෙ භාවිතා වන්නේම එම අයිතීන් මර්දනය කිරීමටය.

 ආගම්වලට අපහාස කළා යැයි පවසමින් ලේඛකයන්, සමාජ ක්‍රියාකාරීන් ඇප ලබා නොදී සිරගත කිරීමේ කෲර උත්සාහයන් මේ පණත හරහා ක්‍රියාත්මක වේ.

ශක්තික සත්කුමාර නැමැති ලේඛකයා සම්බන්ධයෙන් ඇති වූ තත්වය මීට නිදසුනකි. උපුල් සන්නස්ගල වැනි ප්‍රවීණයන්ද මීට ගොදුරු කරගැනීමට විවිධ ආගමික කල්ලි හරහා උත්සාහ ගන්නා ලදී. මෑතක නැවතත් මේ පණත කරලියට ආවේ සේපාල් අමරසිංහගේ දළදා පුවත සමගය.



ආගමික අන්තවාදය නැති කිරීම වෙනුවෙන් හදුන්වා දුන් පණතක් ආගමික අන්තවාදය ව්‍යාප්ත කිරීම පිණිසම යොදා ගැනීම අපේ රටේ නීති ක්‍රියාත්මක වීමේ විපරීත ස්වභාවය මැනවින් විදහා දක්වන්නකි.


සේපාල් හෝ වෙන කවරකු හෝ කිසිම ආගමකට, ජාතියකට, විශ්වාසයකට අපහාස කිරීම අපි අනුමත කරන්නේ නැත. නමුත් එය සමාජීයව හෝ සංස්කෘතිකව විසදා ගත යුතු ප්‍රශ්නයක් මිස පුද්ගලයෙකුගේ කතා කිරීමේ නිදහසට වැට බඳිමින්, පුද්ගලයන් ඇප රහිතව සිරගත කරම්න් දඩුවම් කළ යුතු කාරණයක් නොවේ. විශේෂයෙන්ම මිනිස් නිදහස වඩාත් අගය කළ දහමක් වන බුදු දහමේ නාමයෙන් මෙසේ නිදහස නැති කිරීම වඩාත් ශෝචනීය ය.

මෙය හෙට තවත් ඕනෑම කෙනෙකු වෙත දේශපාලන පලිගැනීමක් ලෙස දිගු විය හැකි කෲර හස්තයකි. ප්‍රකාශනයේ නිදහස අගය කරන සියලු පිරිස් පුද්ගල විවේචන මතවාද පසෙක ලා මේ මර්දන පණතට එරෙහිව වහා නැගී සිටිය යුතුය.

radical 2

Radical 1

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්