පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දියාවේ සහය ලබාදෙන ලෙස ඉල්ලා අද (27දා) ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය සංදේශයක් භාරදීම සිදුවිය.

මහා සංඝරත්නය, අන්‍ය ආගමික නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් මෙම සංදේශ භාරදීම සිදුවූ අතර එම සංදේශය මගින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට ඉන්දිය අගමැතිවරයාගේ සහය ලබාදෙන ලෙසට මෙම සංදේශය මගින් ඉල්ලා සිටි බවද පූජ්‍ය ජබුරේවල චන්ද්‍රරතන හිමියෝ අවධාරණය කළහ.

පළාත් සභා ක්‍රමය ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අප රටට ලබාදුන් දෙයක් බවත්, එය මේ වන විට සුදු අලියෙකු බවට පත්ව තිබෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.

බලය බෙදීමේ මිත්‍යා විසඳුම පසෙක තබා ....

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධානියකු වන වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර පවසන්නේ, දැන් අවශ්‍යවන්නේ බලය බෙදීමේ මිත්‍යා විසඳුම පසෙක තබා සැබෑ විසදුම් පිළිබඳ විවෘත මනසකින් සමාජ කථිකාවක් ආරම්භ කිරීම බවත්, නව ජනාධිපතිවරයාට ලැබුණු සුවිශේෂී ජන වරම ඒ සඳහා යොදා ගත යුතු බවත්ය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර විසින් ලිපියක් යොමු කරමින් ඉහත කාරණය අවධාරණය කර තිබේ.

සබැඳි පුවත් :

''බලය බෙදීමේ විසඳුම පසෙක තබන්න'' - ජාතික බලවේග ජනපතිට කියයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්