ක්‍රි.ව. 1907 දී මෙරටට පැමිණි ස්කොට්ලන්ත ජාතික සිතුවම් ශිල්පී එඩ්වඩ් ඇට්කින්සන් හෝනල් විසින් ලබාගත් ඡායාරුප රැගත් ඡායාරූප දැක්මක් මෙම මස දී කොළඹ දී පැවැත්වීමට නියමිත ය.
''A Scottish Artist in Ceylon'' නමින් National Trust Sri Lanka මූලිකත්වයෙන් සංවිධාන කෙරෙන මෙම ප්‍රදර්ශනය ජනවාරි 14 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ හැරල්ඩ් පීරිස් ශාලාවේ පැවැත්වෙනු ඇත.
20 වැනි සියවස මුල් භාගයේ මෙරට ගැමි ජීවිතය පිළිබිඹු කරන පැරණි ඡායාරූප 46ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්යවරියක ලෙස කටයුතු කරන වින්ද්‍යා බුත්පිටිය විසින් ‘An Island Partly Photographed: Absent, Present Histories’ මැයෙන් දෙසුමක් ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වෙන මුල් දිනයේ පෙරවරු 10.30ට සිදු කිරීමට නියමිත ය.
උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා විවෘත වන මෙම ඡායාරූප දැක්මට ඇතුල්වීම නොමිලේ.