රොක් ගිටාරයේ තවත් එක් දෙවියෙක් ලෙස සැලකෙන යාඩ්බර්ඩ් (Yardbird) රොක් ගායක කණ්ඩායමේ ජෙෆ් බෙක් (Jeff Beck, 1944-2023) අද අප අතරින් සමුගෙන තිබෙනවා.
යාඩ්බර්ඩ් කණ්ඩායමෙන් එරික් ක්ලැප්ටන් ඉවත්වීමෙන් පසුව එම හිස්තැන පුරවනු ලැබුවේ ජෙෆ් බෙක් විසින්.
රොක් සංගීතය ගැන උනන්දුවක් දක්වන ගෝලීය ශ්‍රාවකයින්හට ජෙෆ් බෙක් යනු අමුතු නමක් නෙවෙයි.
රොක් ගිටාර් තාක්ෂණයෙන් පිරිපුන් ගායකයෙක් සහ වාදකයෙක් ලෙස ගැනෙන ජෙෆ් මියයන විට 78 වෙනි වියේ පසුවී තිබෙනවා. බැක්ටීරියා ආසාදනයක් සහිත මෙනින්ජයිටිස් රෝගයෙන් ඔහු මියගොස් තිබෙන අතර එය සන්සුන් මරණයක් ලෙස ජෙෆ්ගේ සමාජ මාධ්‍ය පිටුව වාර්තාකරනවා.
රෝලින් ස්ටෝන් සඟරාවේ ලොව විශිෂ්ටතම ගිටාර් ශිල්පින් සියදෙනා (100 Greatest Guitarists of All Times) අතර පස්වෙනි ස්ථානය දිනා ගෙන තිබෙන ජෙෆ් හය වරක් ග්රෑමී සම්මාන දිනා තිබෙනවා. ඒ වගේම රොක් ඇන්ඩ් රෝල් විශිෂ්ටයින්ගේ (Rock and Roll Hall of Fame) සම්මාන උළෙල වෙනුවෙන් දෙවරක් ද සම්මාන දිනා තිබෙනවා.
රොක්, ජෑස්, බ්ලුස් සහ හාර්ඩ් රොක් අංශවල විශිෂ්ටයෙක් වන ජෙෆ් ඉලෙක්ට්‍රොනිකා මිශ්‍ර රොක් ෆියුෂන් (rock fusion) ශානරයේද දක්ෂයෙක් ලෙස සැලකෙනවා.
රෝලින් ස්ටෝන් සඟරාව ජෙෆ් බෙක් පස්වැනි ස්ථානයට නම් කරන විට ඔහුට ඉදිරියෙන් සිටින්නේ කීත් රිචර්ඩ් (Rolling Stone), ජිමි පේජ් (Yardbirds, Led Zeppalin), එරික් ක්ලැප්ටන් සහ ජිමී හෙන්ඩ්‍රික්ස් පමණයි. ජෙෆ් බෙක් යනු කවුද යනුවෙන් හඳුනාගැනීමට මෙම උපමානය ප්‍රමාණවත්.
මේ සියල්ල මෙසේ තිබියදීත් ජෙෆ් බෙක් යනුවෙන් ලෝකයට හඳුනාගැනීමට මුද්‍රාපිත ගීතයක් (signature song) ඇත්තේ නැති තරම්.
සුබ ගමන්!
(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)