පාඨලී චම්පික රණවක නායකත්වය දරන 43 සේනාංකය තම පක්ෂය සමග සන්ධානගතව යෝජිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට සාකච්ජා පවත්වමින් සිටින බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පැවසිය.



එසේම අරගලයට ක්‍රියාකාරිව සහය දැක්වූ තරුණ තරුණියන් විශාල පිරිසක් තම පක්ෂයේ ඡන්ද සලකුණ වන 'කෙහෙල් ඇවරිය' යටතේ මැතිවරණයට ඉදිරිපත්වන බවද ඔහු කියා සිටියේය.

අප කළ විමසීමකදී 43 සේනාංකයේ ප්‍රධානියකු පැවසුයේ තම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ යටතේ තරග කරන අතර තවත් පිරිසක් ඇතැම් පළාත් පාලන ආයතනවලට ස්වාධීනව ඉදිරිපත්වන බවයි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ යාපනය දිස්ත්‍රික්කය සදහා තනිව තරග කරන බව ද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියේය. පසුගියදා ඒ සම්බන්ධයෙන් තරුණ කොටස් සමග සිදුකල සාකච්ජා සාර්ථක වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසිය,

mg thyaPHOTO 2023 01 12 15 09 00



JW


Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්