ජනාධිපතිවරණ සමයේදී 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වොෂින්ටන්හි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශයක්

ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරුණු වීඩියෝ පටයක් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සටහනක් ලෙස පළවූ ලිපියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂයක් ආරම්භ කර ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් කල ඉල්ලීමක් මත එකී විමර්ශන ආරම්භකර ඇති බවත් එම විමර්ශනවලට අදාලව තාක්ෂණික සහය ලබාදීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එකඟත්වය පළකර ඇතිබවත් එම ආරංචිමාර්ග පවසයි.

අදාළ වීඩියෝව නොවැම්බර් 15 දිනයේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් සමයේ ප්‍රචාරය වූ එම වීඩියෝව, ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙක් ද? නැද්ද ?  කියන කාරණය සම්බන්ධයෙන් ඒවනවිටත් විසඳි නොතිබුන අර්බුදය පිළිබඳ ආන්දෝලනාත්මක සංවාදය වෙනතකට යොමු කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂට හිතවත් පිරිසක් විසින් නිර්මාණය කෙරුණක් ද යන සැකය theleader.lk විසින් එදිනම මතුකර සිටියේය.

Capture

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්