1200 x 80 DMirror

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉදිරිපත් වන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශයක එස්.එම්. මරික්කාර් පැවසිය.

අද පස්වරුවේ පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විපක්ෂනායකවරයා මේ බව දැනුම් දුන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

එසේ, මුජිබර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, කොළඹ දිස්ත්‍රීක්කයේ එම පක්ෂයේ මන්ත්‍රී පුරප්පාඩුව සඳහා පත්වීමට නියමිතව ඇත්තේ ඒ.එච්. එම්. ෆවුසි හිටපු අමාත්‍යවරයාය.



මුජිබර් රහුමාන් 1991 දී සිය දේශපාලන ආරම්භ කරන්නේ 'ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ' ගොඩනගමිනි. එහිදී ඔහු එජාපයේ ලලිත් - ගාමිණී පාර්ශවයේ අරගලයට සහය පළකරමින් ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකරනු ලැබිය. අනතුරුව 1994දී නව සම සමාජ පක්ෂයට එක්වූ මුජිබර් රහුමාන්, 1996 දී 'මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ' පිහිටුවනු ලැබිය. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිළිගත් දේශපාලන පක්ෂයක් වූ එම පක්ෂය 1999 ජනාධිපතිවරනයේදී සහය පලකලේ ජවිපෙ අපේක්ෂකයා වූ නන්දන ගුනතිලකටයි. අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට ගිය ඔහු යලි මෙරටට පැමිණීමෙන් පසු 2005 දී එජාපයට එක්විය. 2006 පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවට තරඟ කිරීමට ඔහු නාමයෝජනා ලබාදී තිබුනද එජාප නාමයෝජනා පත්‍රය අවලංගුවිම නිසා ඔහුට නගර සභාවට තේරී පත්වීමට තිබු අවස්ථාව අහිමිවිය. කෙසේවුවද 2009 දී හා 2014 එජාපයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ මුජිබර් පළමුවරට එජාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ 2015 වසරේදී කොළඹ දිස්ත්‍රීක්කයෙනි. 2020 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට පත්වුයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු ලෙසයි.

 


පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නම් කිරීමට යෝජනා වී ඇතැයි පළමු වරට වාර්තා කර තිබුනේ 'ලීඩර් ගොසිප්' වෙබ් අඩවියයි. 



සබැඳි පුවත් :
පොහොට්ටුව කොළඹට ඇප බඳියි - සජබෙන් කොළඹ පුරපති ධුරයට මුජිබර් !

 

 

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය