ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර

මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.7ක් වාරික තුන හතරකින් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ (ජන. 13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.

“ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අපි මේ වන විට සිදුකර ගෙන යනවා. අපි ණය ලබාගත් ප්‍රධාන රටවල් තුන වන ජපානය, චීනය සහ ඉන්දියාව අතරින් ජපානය සමග පැවති සාකච්ඡා අවසන් වී තිබෙනවා. අපි චීනයේ EXIM බැංකුව සමග මේ සතියෙ සාකච්ඡා කළා. දැන් ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා මෙම 19 වන දා ලංකාවට එනවා. ඔවුන් සමග සිදුකෙරෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කරන්න. අපි පියවරෙන් පියවර මෙම කටයුතු ඉදිරියට කරගෙන යනවා.



''රටක් ලෙස විශ්වාසය තහවුරු කර ගැනීමට හැකිවීම තුළින් ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.''



මෙම සාකච්ඡා අවසන් වීමෙන් පසු අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.7ක් වාරික තුන හතරකින් ලැබෙනවා. ඊට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මේ සියල්ලෙන් තව බිලියන පහක් පමණ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඊට අමතරව මේ වසර අවසානයේදී ජපානය සමග විවිධ වැඩසටහන් ගණනාවක් නැවත ආරම්භ කළ හැකියි. අපි ඒ කටයුතු කරගෙන යනවා.

ඒ සමග ම තව එක ප්‍රශ්නයක් තිබෙනවා. ගෝලීය වශයෙන් යුරෝපයේ සහ ඇමරිකාවේ ආර්ථික වර්ධනය දැන් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. එම තත්ත්වය තුළ ලබන වසරේදී අපේ අපනයන වෙළඳපොළ අඩු විය හැකියි.



''අපි අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගත යුතුයි. මේ වසර අවසන් වන විට රටේ ආදායම වැඩිකර ගැනීමට අපට හැකියාව ලැබෙයි. එවිට ජනතාවට යම් සහන ලබාදිය හැකියි. ඊට පෙර රටේ ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. ඒ සඳහා රාජ්‍ය අංශය පමණක් නොව පුද්ගලික අංශය ද ශක්තිමත් විය යුතුයි. නැතිනම් එතන පරතරයක් ඇති වෙනවා.''



පළමුව ජනතාවට ලබා දිය හැකි සහන මොනවා ද කියා අපි සොයා බැලිය යුතුයි. සමෘද්ධි ප්‍රතිලාභ නොලබන පවුල් ලක්ෂ 20ක් සඳහා මෙම මාර්තු, අප්‍රේල් මාසවලදී සහල් කිලෝ 10 බැගින් ලබා දීමේ වැඩසටහනක් අපි ක්‍රියාවට නංවා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ පළමු කාර්තුවෙන් පසු රටේ හොඳ තත්ත්වයක් ඇතිවෙයි කියලා.”

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ

PMD 2

PMD 3
PMD 1

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්