නාමයෝජනා භාරගැනීම අත්හිටුවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පවසද්දී,

ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අවස්ථා තුනක් ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

යෝජිත පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් කර ඇති පරිදි නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට මැතිවරණ කොමිසම තීන්දු කළ බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා 'දේශය' පුවත්පතට පවසා ඇත.

කිසියම් ප්‍රායෝගික හෝ නීතිමය ප්‍රශ්නයක් හේතුවෙන් නාමයෝජනා භාරගැනීම අත්හිටුවන්නට සිදුවේදැයි 'දේශය' ප්‍රශ්න කළ විට සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නාමයෝජනා භාරගැනීම අත්හිටුවීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බවයි.

එහෙත් නාමයෝජනා භාරගත් පසුව එම කටයුත්තේදී කිසියම් පුද්ගලයකුට අගතියක් සිදුවුවහොත් ඔහුට හෝ ඇයට අධිකරණයේ පිහිට පැතීමට හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.


පුංචි ඡන්දය කල් දාන්න ඇත්තේ ක්‍රම තුනයි - සීමා නිර්ණය කමිටු සභාපති


කෙසේවුවද මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසුයේ, ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අවස්ථා තුනක් ඇති බවයි.

අධිකරණය හරහා සිදුවන වාරණයක්, අධිකරණයේ පිළිගැනීම මත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර ගන්නා පනතක් සහ මැතිවරණ පනතේ ඇති බලතල අනුව මැතිවරණ කොමිසම විසින් ගන්නා ලද තීරණයක් අනුව ඡන්දය කල් දැමිය හැකි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ඒ හැර ඡන්දය කල් දැමීමට අන් කිසිදු ක්‍රමයක් නැති බව ඔහු කීය.

එසේම පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපිය නිකම්ම කඩදාසියක් බවත් හිටපු සභාපතිවරයා පැවසීය.


 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්