තෛපොංගල් සැමරුම වෙනුවෙන් හා උතුරු පළාතේ ආගමික නායකයින් මුණ ගැසීම සඳහා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනය වෙත පැමිණි අද(15) දිනයේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක නිරත විය.


tyyh
dsgr4

ඔවුහු පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට තමන් දැඩි විරෝධතාවය පළ කරන බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හා අතුරුදහන්වූවන්ගේ ගැටලුව සඳහා ස්ථිරසාර විසදුමක් ලබාදිය යුතු බවට ඔවුහු ඉල්ලීම් කළහ.

යාපනය අරසඩි මංසන්ධිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට ආරක්ෂක අංශ අවසර ලබා නොදීම හේතුවෙන් එහිදී උණුසුම් තත්වයක්ද ඇති වු අතර, පොලිසිය විසින් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ල කළේය.

dgsdfgr4
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුධ හමුදාවද විරෝධතාකරුවන් පාලනයට එක්ව සිටියහ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී මෙවර තෛපොංගල් සැමරුම පැවැත්විණ.

fsdgrt54

වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ද අද( 16) වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපස විරෝධතාවයක් පැවැත්වු අතර, එහිදි අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් පැවසූවේ “තෛපොංගල් සැමරීම වෙනුවට ජනාධිපතිවරයා විසින් දෙමළ ජනතාවගේ ගැටලු විසදීමට මුලිකත්වය ගතයුතු අතර, එයින් දෙමළ ජනතාවට වඩාත් සතුටුවනවා." යනුවෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වවුනියාවේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ තමන්ගේ ඥාතීන්ගේ ගැටලුවට ස්ථිර විසදුමක් ලැබෙන දිනයක තමන් තෛපොංගල් දිනය සමරන අතර, තම ඥාතීන් නොමැතිව තමන්ට තෛපොංගල් නොමැති බවයි.

sd4534



ජනපති ගෙන් දෙමල ජනතාවට පොරොන්දුවක් !

# ''සියලු ජනකොටස් එකට ජීවත්වන රටක් වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමිසම ස්ථාපිත කරනවා.''

# ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා.''



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව අද (15) පස්වරුවේ යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

සියලු ජන කොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත් වන ‍රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කීය.

නල්ලුර් ශිවම් කෝවිලේ පැවති තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජාතික තෛ‍පොංගල් උත්සවයට එක් විය.

දෙමළ සංස්කෘතික පෙරහැරකින් උත්සව භූමිය වෙත කැඳවාගෙන එනු ලැබූ ජනාධිපතිවරයා හින්දු චාරිත්‍රාණුකූලව පිළිගැනිණි. විචිත්‍ර දමිළ සංස්කෘතිකාංග කිහිපයකින් ද උත්සවය වර්ණවත් විය.

 

{gallery}President visit to Jaffna -2023{/gallery}

 

 

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්