ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් වූ කණ්ඩායම් විසින් පිහිටුවා ගත් නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් වන බව වාර්තා වේ.


නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයන්ට අවස්ථාව නොලැබීම හා එම සන්ධානයේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පාක්‍ෂිකයන්ගෙන් එල්ල වී ඇති විරෝධය ආදී කරුණු සලකා සන්ධානයේ රැඳී සිටින්නේ ද නැද්ද යන්න ගැන පක්‍ෂය සාකච්ඡා කරමින් සිටින බව මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ පැවසීය.

එබැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙනම තරඟ කිරීමට අවශ්‍ය වුවහොත් පක්‍ෂය ඒ සඳහා සූදානම් බව ද ගුණසිංහ වැඩිදුරටත් කියා සිටියේය.



''මෛත්‍රී තීන්දුවක් ගනීවි'' - විමල් කියයි


ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ නායක, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අලුතින් පිහිටවූ නිදහස් ජනතා සන්ධානය සමග සිටිනවා ද? නැද්ද? යන්න එම පක්ෂය විසින් තීන්දු කරන කාරණයක් බවත්, ඔවුන් සන්ධානයෙන් අයින් වන්නේ නම් එය එම පක්ෂය විසින් ගන්නා අනුවණ තීරණයක් බවත් ය.

පාස්කු නඩු තීන්දුවෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ දේශපාලන කටයුතුවලට සිදුවූ බලපෑම ගැන ඔහු විසින් සිතා බලමින් සිටින බවද, ඒ පිළිබදව ඉදිරියේදී ඔහු විසින් තීන්දුවක් ගනු ඇති බවද විමල් වීරවංශ සදහන් කරයි.



නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයි


උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා නිදහස් ජනතා සන්ධානය පිහිටවනු ලැබූ අතර, ඒ අනුව එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද (16) පස්වරු 6.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

 ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා 'හෙලිකොප්ටරය' ලකුණු යටතේ ඉදිරිපත්වන නිදහස් ජනතා සන්ධානයේ නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් මෙහිදී පක්ෂ අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නියමිත බව එහි විධායක සභික වීරසුමන වීරසිංහ සඳහන් කළේ ය.  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්