එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක, නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණ තිබේ.



අද (16) දින ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බව පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

43 සේනාංකය හා සම්බන්ධ වී සිටින නියෝජිතයන් එලඹෙන පලාත් පාලන ඡන්දය සඳහා තනි තනිව ඇතැම් මිතුරු දේශපාලන පක්ෂ සමඟ ද,  පුද්ගල එකතූන් ලෙස මිතුරු පක්ෂ සමඟ ඇති කරගන්නා එකඟතාවන් මතද, ඇතැම් තැන් වල ස්වාධීන කණ්ඩායම් ලෙසද ඉදිරිපත්වීමට නියමිත බව පාඨලී චම්පික රණවක පැවසිය.


''පොදු සතුරා රාජපක්ෂ සහ කණ්ඩායමයි''



පළාත් පාලන මැතිවරණය තුල 43 සේනාංකය තම සතුරු බලවේග ලෙස සලකන්නේ රට අද පවතින බංකොලොත්භාවයට ඇද දැමූ රාජපක්ෂවාදී පක්ෂ/ කණ්ඩායම් පමණක් බව ද රණවක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව තෝරාගත් පලාත් පාලන ආයතන කීපයකට 43 සේනාංක නියෝජිතයන් කුමාර වෙල්ගම ගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත අතර, ඒ සඳහා වන එකඟතා ගිවිසුමකට අද දිනයේ එළඹීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.


පුංචි ඡන්දයෙන් පසු පාඨලීගෙන් නව පක්ෂයක්!


මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසු නව දේශපාලන බලවේගයක් ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරන බව ද, පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේය.


"අපි 43 වන සේනාංකය හැදුවේ දේශපාලන පක්ෂයක් හැටියට හෝ මැතිවරණ ඉලක්ක කරගෙන නොවේ. නමුත් ගිය වසරේ රට බංකොළොත්භාවයට ලක් වුණාට පස්සේ අපි තීරණය කළා අනාගතයේ දී නව දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වෙන්න. නමුත් ඒ සඳහා කාලය අපිට හරස් වුණා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ, නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ වෘත්තීය මට්ටමේ පිරිස් එක්ක යන්න. ඒ අතරේ සමාන අදහස් දරණ මේ රටට අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්තයෙන් අපි නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා අද සන්ධාන ගත වෙනවා." ඔහු වැඩි දුරටත් පැවසිය.

 

PHOTO 2023 01 16 12 34 21 1

PHOTO 2023 01 16 12 34 24
PHOTO 2023 01 16 12 34 20 1
PHOTO 2023 01 16 12 34 22PHOTO 2023 01 16 12 34 20PHOTO 2023 01 16 12 34 19



බදියුදීන් ත්‍රිකුණාමලය - අම්පාරට දී මොනර වෙස් නගී
 

හිටපු අමාත්‍ය වර්තමාන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ 'සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය' ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට එම පක්‍ෂයේ ලකුණ වන ‘මොණරා’ ලකුණින් තරග කරන බව එම පක්‍ෂයේ නියෝජිතයෙක් පැවසීය.

සෙසු සියලුම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට එම පක්‍ෂයේ අපේක්‍ෂකයන් සමඟි ජනබලවේගයේ ‘දුරකථනය’ ලකුණික් ඉදිරිපත් වන බව ද එම නියෝජිතයා වැඩි දුරටත් සඳහන් කළේය.


JW
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්