එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයද ඉදිරිපත්වන බව එක්සත් මහජන පක්ෂය (UPP) පවසයි.



එම පක්ෂයේ ප්‍රධානින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (16) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එබව සඳහන් කළේය.

අද සිය ප්‍රථම මාධ්‍ය හමුව කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය.

මෙම මාධ්‍ය හමුව සඳහා UPP  නියෝජනය කරමින් සාහිත්‍යවේදී චමින්ද ගුණසිංහ, ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන විරාජ් කෝනාර, සිවිල් සමාජ ක්‍රියාකාරිනි මාෂි සේනානායක සහ සමාජ ක්‍රියාකාරික චතුර රාජපක්ෂ එක්ව සිටියේය.

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් නව දේශපාලන සංස්කෘතියක්‌ ගොඩනැගීම උදෙසා පවත්නා දේශපාලන, සමාජ ආර්ථික ගැටළු වෙනුවෙන් ප්‍රයෝගික විසදුම් යෝජනා පාදක කරගත් මාවතක් ඔස්සේ කටයුතු කිරීම තම ප්‍රධාන අරමුණ බව ඔවුන් එහිදී අවධාරණය කළේය.

අද වන විට අසමත් රාජ්‍යයක්‌  බවට පත්ව තිබීම කටුක යතාර්ථය උවත් තවදුරටත් ඒ තත්වයට පත් කල පිරිස් විවේචනය කිරීමෙන් ඔබ්බට ගොස් සුබවාදී අනාගතයක් වෙනුවෙන් සියලු දෙනා වැඩකළ යුතු යුගයක් නිර්මාණය වී ඇති බවත් ඒ වෙනුවෙන් UPP ය දීමට සූදානම් බවත් ඔවුන් ප්‍රකාශ කලහ.

දැන් කල යුතුව ඇත්තේ රට අසාර්ථකතත්වයට පත් වීමට බලපෑ ප්‍රතිපත්ති සහ එම තත්වයට ඇද දැමූ පුද්ගලයන් ප්‍රතික්ෂේප කරමින් අනාගතවදී දේශපාලනයක් තෝරා ගැනීම බවත් ඔවුන් කියා සිටියේය.

upp 23116

 

ජාතික මැතිවරණවලදී අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල පිලිබදව ඇගයීමක් නොකර පුද්ගලයන් පිළිබද විශ්වාශය තැබීම නිසා රට මේ තත්වයට ඇද වැටුන බවත්..නමුත්, පළාත් පාලන මැතිවරණවලදී වැනි මැතිවරණවලදී ප්‍රදේශයේ ප්‍රයෝගික ප්‍රශ්න හදුනන පුදගලයින් තෝරා නොගෙන සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන් තෝරා ගැනීමත් බරපතල අවුලක් බව UPP පක්ෂයේ මතය විය.

 

තම ප්‍රදේශයේ ප්‍රශ්න පිළිබද ප්‍රයෝගික අවබෝදයක් සහිත සහ ඒ වෙනුවෙන් විසදුම් යෝජනා සහිත පිරිස්වලට තම පක්ෂයේ අපේක්ෂකත්වය ලබා දීම සදහා මේ දිනවල අයදුම්පත් කැඳවන බවත් ඔවුන් ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එක්සත් මහජන පක්ෂයේ මහ ලේකම්වරයා යි.


අපේක්ෂක අයදුම් පත්‍රය මෙතනින්





සබැඳි පුවත්

පුංචි ඡන්දෙට තවත් දුරකථන පක්ෂයක් !




JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්