ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන බහුතර ප්‍රමාණයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස ‘අත’ ලකුණ යටතේ තරඟ කිරීමට එම පක්‍ෂය තීරණය කර ඇත.


ඒ අනුව උතුරු පළාත, නැගෙනහිර පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට 'අත' ලකුණින් පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.

මේ අතර කොළඹ, පුත්තලම, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා 'හෙලිකොප්ටරය' ලකුණින් එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වීමට ද එම පක්ෂය තීරණය ඇත.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ දිවයිනේ සෙසු පළාත් සහ දිස්ත්‍රික්ක සඳහා 'අත' ලකුණ සහ හෙලිකොප්ටරය යන ලකුණු දෙකම භාවිත කරමින් මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ශ්‍රීලනිප නායකයින් සාකච්ඡා කරන බවය.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස 'අත' ලකුණ යටතේ තරඟ කිරීමට ඇප මුදල් තැන්පත් කිරීම ද ඊයේ (16) සිදුකෙරිණි.

ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (17) සිදුකෙරෙන බව එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ සඳහන් කළේය.

ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත් ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් 12ක් එක්ව පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා නිදහස් ජනතා සන්ධානය එළිදැක්වූයේ ඉකුත් 11 වැනිදාය.

එසේ වුවත් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී මතු වූ ගැටලු හා පක්‍ෂයට වාසිදායී පළාත් පාලන ආයතනවලදී වෙනම තරඟ කළ යුතු බවට පාක්‍ෂිකයන් කරන ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙලෙස බහුතරයක් ආයතනවලට වෙනම තරඟ කිරීමට තීරණය කළ බව ද තිසර ගුණසිංහ පැවසීය.

නව සන්ධානයේ පක්‍ෂ නායකයන් අතර සාකච්ඡාවක් ඊයේ (16) පස්වරුවේ පැවති  අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙම තීරණය එම පක්‍ෂ නායකයන්ට දැනුම්දී තිබිණ.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්