විපක්ෂයේ විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය විසින් තීන්දු කර ඇති බව වාර්තා වේ.



එම තීරණය ගෙන ඇත්තේ අද (18) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීය.  

ඒ අනුව එහි විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතය.

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂ නායක රැස්වීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සිය විරෝධය පළ කොට ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය ‌විපක්ෂයේ මෙම විරෝධය නොතකා හෙට දිනයේදී පනත් කෙටුම්පත ඡන්දයට ගැනීමට තීරණය කොට ඇතැයි වාර්තාවේ.

 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට පෙර ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් අද දහවල් පක්ෂ නායක රැස්වීමක් පැවති අතර මැතිවරණ වියදම් නියාමයන කිරීමේ පනත් කෙටුම්පත වහාම සම්මතකර ගැනීමේ කාලින අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් එහිදී අවධානරණය කර තිබේ.

 

එම පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම සහ දෙමළ ජාතික සන්ධානය සහභාගී වී නොමැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකුම ඊට සහභාගී වී ඇති බව වාර්තා වේ.


මැතිවරණය කල්දැමීමේ උත්සහයක ! - විපක්ෂයෙන් චෝදනා


මැතිවරණ මුදල් සීමා කිරීමේ පනත ඉතා හොඳ පනතක් වුවත් මෙය හදිසියේ සම්මත කර ගැනීමෙන් පසුව අධිකරණය හරහා ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත ඡන්දය කල් දමා ගැනීමේ ඉඩකඩක් නිර්මාණය විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ කෙටුම්පතට අනුව අපේක්ෂකයන් තමන්ගේ වියදම් සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සැපයිය යුතු බවත් එය ඉදිරිපත් නොකළහොත් වරදක් බවත් යම් හෙයකන් අධිකරණයට මේ සම්බන්ධයෙන් පෙත්සමක් වුව ඉදිරිපත් විය හැකි අතර එසේ වුවහොත් 2023 මාර්තු මැතිවරණය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම මසකින් කල් දමන බව අධිකරණ අමාත්‍යවරයා ඊයේ ප්‍රකශ කළේය.

එවන් පසුබිමක් තුළ ඒ සම්බන්ධයෙන් අද දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා මෙම පනත් කෙටුම්පත කඩිනමින් දෙවනවර කියවීමට උත්සහ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.  

ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ, මෙම පනත් කෙටුම්පත හරහා මැතිවරණය කල් දැමීමේ කිසිදු උත්සහයක් නොමැති බවයි.

පසුව පාර්ලිමේන්තුවේ නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත හරහා පලාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවයි.

මෙම විවාදයට එක් වෙමින් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ කලින් එකඟ වූ පරිදි මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මසකින් කල් දැමීම සිදු කළ යුතු බවයි.






සබැඳි පුවත් :

මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න ! - දේශපාලන පක්ෂවලට බලපෑම්

මැතිවරණ වියදම් නියාමන කෙටුම්පත විවාදය කල් දමයි





JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්