පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකරන්නේ නම් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට සහය දෙන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසති.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වනදා පැවති අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මිට අදාල විවාදය මාසකින් කල් දැමීමට තීරණය වී තිබුණි.

එහෙත්, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (19) දිනයේ පැවැත්වීමට ඊයේ තීරණය කෙරුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදීය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී වාදවිවාද ඇතිවිය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුයේ, එම පනත් කෙටුම්පත දෙවනවර කියවීම කඩිනමින් සිදු කිරීමට ආණ්ඩුව උත්සහ කරන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් බවයි.



කෙසේවෙතත් මෙම පනත් කෙටුම්පත හරහා මැතිවරණය කල් දැමීමේ කිසිදු උත්සහයක් නොමැති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

කලින් එකඟ වූ පරිදි මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මසකින් කල් දැමීම සිදු කළ යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේය.

එවැනි පසුබිමක් තුළ අද විවාදයට ගැණෙන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' දේශපාලන පක්ෂ කිහිපයකින් යලිත් විමසීමක් කර තිබිණ.

මෙම පනත කාලින වශයෙන් වැදගත් පනතක් බව පවසන සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීම තවත් මසකින් කල් දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.


නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමනද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.


උත්තර ලංකා සභාගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ද මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' වෙත මෙසේ කරුණු දැක්විය.


සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබද අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවයි.



අද විවාදයට


ඒ අනුව, මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (19) විවාදයට ගැනීමට නියමිතවේ.

පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ, පනත් කෙටුම්පත පිළිබඳ විවාදය උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙන බවයි.

විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ ය.




සබැඳි පුවත් :
සජිත්-අනුර විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමයනයට ඡන්දයක් !


 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්