''දැන් අපි කරන්නෙත් අරගලයක් තමයි... ඒ මේ රට වැටුන තැනින් ගොඩ නැගීම සඳහාවන අරගලය...'' පසුගිය අරගලයේ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයකු වූ විරාජ් කෝනාර පවසයි.



මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලේකම් මහා ධුරය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) 'ජංගම දුරතනය' ඡන්ද ලකුණින් යෝජිත පළාත් පාලන මැතිවරණය සඳහා මහරගම නගර සභාවට තරඟ කිරීමට තීරණය කර ඇති ඔහු ඒ බව කියා සිටියේ, පසුගිය දා මහරගම ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

''අරගලයට නිශ්චිත අරමුණක් තිබුනා. ඒ,ඒ මොහොතේ පැවති පාලනය පලවා හැරීම. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා කැප උනා. අපි ඒ අරගලය ජයග්‍රාහීව අවසන් කලා. නමුත් අරගලය ජයග්‍රහණය කිරීමෙන් අනතුරු ව කරන්නේ මොකක්ද කියන එක ගැන කිසිම එකඟතාවයක් තිබ්බේ නෑ. එහෙම එකගතා හදන්න ගියා නම් අරගල කරන්න වෙන්නෙත් නෑ. මොකද එතන හැම ජාතියකම, හැම ආගමකම හැම දේශපාලන පක්ෂයකම,මිනිස්සු හිටපු හින්දම තමයි අපි ජයග්‍රහණය කලෙත්.

ඉතිහාසයේ, මීට පෙර මිනිස්සු ,ඕන තරම් අවස්ථාවල පක්ෂ පාට වශයෙන් බෙදිලා පෙළපාලි  හදාගෙන කොළඹ ආවට. ආණ්ඩු ගෙදර යවන්න පුළුවන් උනේ නෑ.. මෙවර එකමුතුව තමයි ජයග්‍රහණයේ ශක්තිය උනේ

හැබැයි. එහෙම උනා කියලා අරගල ජයග්‍රහණයෙන් පස්සේ නැවතත් තමන් කැමති තැනක ඉඳන් කැමති පක්ෂෙක ඉඳන් දේශපාලනය කරන්න තියෙන අයිතියට අපි ගරු කරන්න ඕනේ..

මේ මොහොතේ මං දේශපාලනයට ඇවිල්ලා ඉන්නේ එක් පැත්තකින් මගේ ඒ අයිතිය පාවිච්චි කරමින් සහ අනිත් පැත්තෙන් මම හිතන නිදහස් අවකාශය තියෙන දේශපාලන පක්ෂයෙන්.

මගේ සහ පක්ෂයේ ප්‍රතිපත්ති දිහා බලලා ඡන්දෙ දෙන නොදෙන එක පුරවැසි අයිතියක්.

නමුත්, තමුන් කැමති දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් උනේ නෑ කියන කරුණ පදනම් කරගනිමින් මට ද්වේශ සහගත ලෙස පහර දෙන අයට මට කියන්න තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තව ඉගෙන ගන්න කියලයි..''


 'ආන්සර් කරන්නම ඕන කෝල් එකක්'


මේ අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පසුගිය 16 දා පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ විරාජ් කෝනාර මෙසේ පැවසිය.





සබැඳි පුවත් :
ටිරාන් අලස්ගේ UPP පක්ෂයත් ඡන්දයට එයි - 'ආන්සර් කරන්නම ඕන කෝල් එකක්'



 JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්