මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත අද (ජනවාරි 19) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 97ක් සහ එරෙහිව ඡන්ද 36ක් ලැබුණි.

සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ රැසක මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය සඳහා ඉදිරිපත් කරනු ලැබීය.

පළාත් පාලන ඡන්දය ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක මෙම පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය පියවර ගැනීම ගැන විපක්ෂය දැඩි විරෝධය පළ කරන ලදී.

විපක්ෂය අවධාරණය කළේ පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා රජය ගන්නා උත්සාහයේ මෙය තවත් දිගුවක් බවය.

මෙය සම්මත වීමෙන් පසු දැනට ප්‍රකාශයට පත්කර ඇති ඡන්දය ද නව නීතියට අනුව පැවැත්විය යුතු බවට කිසිවෙකු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගතගොත් මැතිවරණ කොමිසම අපේක්ෂා කරන දිනයට ඡන්දය පැවැත්විය නොහැකි බව විපක්ෂය අවධාරණය කරන ලදී.

එමෙන්ම නව පනතට අදාළ රෙගුලාසි සකස් කිරීමට කල්ගත වෙන බැවින්, ඡන්දය කල් දැමීමේ අවදානමක් ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු අවධාරණය කළහ.

එම සැකය දුරු කිරීමට නම් ප්‍රකාශයට පත් කර ඇති මැතිවරණයට නව නීතිය අදාළ නොවන බවට පනත් කෙටුම්පතට සංශෝධනයක් එකතු කරන්නැයි විපක්ෂය ඉල්ලා සිටිය ද එවැනි සංශෝධනයක් ඊට ඇතුළත් නොවීය.

 

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට පක්ෂව හා විපක්ෂව ඡන්දලබාදුන් ආකාරය

elec act vote 1

elec act vote 2

elec act vote 3

elec act vote 4

elec act vote 5

elec act vote 6


( BBC සිංහල සේවය )
 

  

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්