ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වළක්වමින්

ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබූ  අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කළේ ය.

සයිදමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු වූ ඒ.එල්.එම්.සලීම් සහ පළාත් පාලන නියෝජිතයෙකු වන ඒ.ආර්.එම් අසීම් යන අය විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිය.  

ඔවුන් සිය පෙත්සම්වලින් පෙන්වා තිබුණේ, තමන් මීට පෙර සයින්දමර්දු නගර සභා බල ප්‍රදේශයට අයත්ව සිටියත්, මෙවර පළාත් පළාත්පාලන මැතිවරණයට අදාළව සීමා නිර්ණයේ දී තමන් කල්මුණේ නගර සභා බල ප්‍රදේශයට අයත්වීම තුළින් තම අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල අද (19) මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය.

මේ අතර පෙත්සමෙන් වග උත්තරකරුවන් කර තිබූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමාජිකයන්, සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජීකයන් හා අම්පාර තේරීම්භාර නිලධාරී සහ සහකාර තේරීම්භාර නිලධාරී ඇතුළු වග උත්තරකරුවන්ට නැවත නොතීසි යැවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් අද (19)  අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නිශාන් කාරියප්පන් ප්‍රකාශ කළේ, තම පක්ෂය ද මෙම පෙත්සම් වලට අතරමැදි පාර්ශවකරුවෙකු ලෙස මැදිහත් වන බවයි.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම යළි මාර්තු මස 24 වනදා යළි කැඳවීමට ද නියම කර තිබේ.



සබැඳි පුවත් :

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට තහනම් නියෝගයක්!

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්