කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් පැය පමණ කාලයක් කාමර අඩස්සියේ තබාගෙන සිටි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් විසින් පැය පහකට පමණ පසු අද සවස නිදහස් කර ගනු ලැබීය.


සෞඛ්‍ය සේවකයින් හෙළා දකිමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළැයි චෝදනා කරමින්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අද (19) සේවා කාමරය තුළ පැය ගණනාවක් සිර කර තැබීමට රෝහල් සේවකයින් පියවර ගත්තේ ය.

ජාතික රෝහලේ සෞඛ්‍ය සේවකයින් අද (19) දහවල් 12.00 ට පමණ විරෝධතාවක් ආරම්භ කළ අතර පසුව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ නිල කාමරය වට කළහ. ඔවුන් පැවසුවේ රුක්ෂාන් බෙල්ලන ඉවත් කරන තෙක් විරෝධය පවත්වන බව ය.

පොලීසියේ මැදිහත් වීමෙන් සේවකයින් දස දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් ලබා දී තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ලේකම්, ආර් ඒ ඩී සුමිත් හේමන්ත මාධ්‍ය හමුවේ මෙසේ පැවසිය.

''රුක්ෂාන් බෙල්ලන කියන පුද්ගලයා එතුමා ඊයේ ප්‍රකාශ කරලා කියනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න රෝගීන්ගේ කබඩ් කඩලා ෆෝන් අරගන්නවා කියලා, සෞඛ්‍ය කාර්ය සහායක කට්ටිය.ඒ වගේම උණුවතුර බෝතල් ගන්නවා කියනවා ජාතික රෝහලේ කට්ටිය. එහෙම කිසිම දෙයක් ජාතික රෝහලේ මෙතෙක් වෙලා නෑ. ඒක නිසා මෙතුමා මේ කාගෙ හරි දේශපාලන උවමනාවක් මුදුන් පමුණුවාගෙන ක්‍රියාකරන අධ්‍යක්ෂකවරයෙක්. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තේරුම් ගත්තා ඇත්තටම රුක්ෂාන් බෙල්ලන මහතාගේ ප්‍රකාශන සම්පූර්ණ බොරු කියලා. පැහැදිලි තීන්දුවක් දුන්නා. වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ මොහොතේ ඉඳලා රුක්ෂාන් බෙල්ලන කියන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාව තාවකාලික ස්ථානමාරුවක් ලබලා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත කලා. ඒ ලිපිය තව සුළු වේලාවකින් මෙතෙන්ට එනවා ලිපිය එනතුරු අපි මෙතන රැදී ඉන්නවා.''

නමුත් පිරිස විරෝධතාව අවසන් නොකළ අතර පස්වරුවේ කැරළි මර්දන කණ්ඩායම් පැමිණ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මුදා ගත්තේ ය.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළේ, ආරක්ෂිත පියවරක් ලෙස තමන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කරන්නැයි සෞඛ්‍ය ලේකම්වරයා දැනුම් දී ඇති බවය.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්