ඉකුත් මහමැතිවරණය පරාජය වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර හිමිකරගත් පුද්ගලයින්ට නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර ලබාදීම

කිසිඳු ලෙසකින් අනුමත කළ නොහැකි බව 'යුතුකම' සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහාත් ඉන් අනතුරුව ඔහුව ජයග්‍රහණය කරා ගෙනයාම සඳහාත් මතවාදීමය කාර්ය භාරයක් කළ 'යුතුකම' සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග එබව සඳහන් කළේ ඊයේ (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

''ජාතික ලැයිස්තුව සොරාගත්තා. ජනතාව ප්‍රතික්ෂේප කළ අයට මන්ත්‍රිධුර දුන්නා. ඔවුන්ට රාජ්‍ය ඇමතිධුර ලබාදීම වැරදියි'' එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගෙවිඳු කුමාරතුංග පැවසීය.

ඔහුගේ චෝදනාව එල්ලවුයේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස් බී දිසානායක හා තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල වෙතය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්