පොළොන්නරුව සහ පුත්තලම යන දිස්ත්‍රීක්ක දෙක තුළ හාල් කිලෝ ලක්ෂ පනහක් පමණ අතුරුදහන් වී ඇති බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුනාරත්න පවසයි.


මෙම සහල් තොගය අතුරුදහන්ව ඇත්තේ මීට වසර එකහමාරකට පමණ පෙර වුවත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.

 වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගත් වී තොග සහල් බවට පත් කිරීමෙන් පසුව මෙලෙස අතුරුදහන්ව ඇති බව ඔහු අනාවරණය කරයි.

වැඩිදුරටත් අදහස් දක්වන නාමල් කරුණාරත්න මෙසේ පැවසිය.

“මහපොළොවට සාපරාධී අපරාධයක් කරපු පාලකයෝ අද රටින් හාල් ගෙනත් බොහොම උජාරුවෙන් කියනවා අපේ රට සහලින් ස්වයංපෝෂිතයි කියලා. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට අපි කියනවා පොළොන්නරුවේ සහ පුත්තලමේ හාල් කිලෝ ලක්ෂ පනහක් අතුරුදහන් වෙලා අවුරුද එක හමාරකට වඩා වැඩියි. දැන් හාලුත් නෑ. ඒ හාල්වලට වියදම් කරපු සල්ලිත් නෑ. වී අලෙවි මණ්ඩලයෙන් ගනිපු වී වලින් තමයි මේ අතුරුදහන් වීම වෙලා තියෙන්නේ. අන්න ඒවා ගැනත් හොයන්න. ඒ වගේම තමයි හාල් රටින් ගෙනල්ල ගහපු ගැහිලි ගොඩක් ගැන ඔඩිට් රිපෝට් එලියට ඇවිල්ල තියෙනවා. ඒවා ගැනත් බලන්න.


'' රටේ ගොවිතැන කඩා වට්ටලා. රටින් හාල් ගේන ගමන් කොමිස් ගහනවා. කොමිස් ගහන්න නම් රටින් හාල් ගේනන ඕන. රටින් හාල් ගේන්න නම් හාල් හිඟයක් ඇති කරන්න ඕන. හිඟයක් ඇති කරන්න නම් ගොවියට කෙලවන්න ඕන. දැන් වී ගොවියට කෙලවලා මේ ගොල්ලෝ රටින් හාල් ගෙනල්ල මෙහේ උදම් අනනවා හාල් අතිරික්තයක් තියෙනවා කියලා. මේ උදම් ඇනිල්ල පැත්තකින් තියලා කරුණාකරලා මේ ගොවි ජනතාවට කරලා තියෙන විනාශයට සාධාරණයක් ඉටු කරන්න.''

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්