දශක ගණනාවකට පෙර සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ විසින් සිදුකළ ප්‍රකාශයක් ඇසුරින් සකසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නමින්

සමාජ මාධ්‍යයට මුදාහැර ඇති පොස්ටුව මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු පැවසිය.

ඒ, ''ශ්‍රී ලංකාව බහු සංස්කෘතික රටක් බවට පත්වෙමින් ඇතැයි'' ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ යැයි සඳහන් පොස්ටුව ගැන theleader.lk කළ විමසීමකදීය.

මෙම පොස්ටුව සම්බන්ධයෙන් මංගල සමරවීර හා මනෝ ගනේෂන් ඇතුළු බොහෝ පිරිසක් සිය සමාජජාල ගිණුම්වල ප්‍රතිචාර දක්වා තිබු අතර එසේ ප්‍රතිචාර දැක්වූ ඇතැම්මුන් කිසිදු පැහැදිලි කිරීමක් හෝ නොකර සිය ප්‍රකාශ ඉවත් කරගෙන තිබිණි.

Lea Quan U

ජනපතිගේ නිවේදන නිල මාධ්‍ය වලින් පමණයි!

මේ සම්බන්ධයෙන් අප වෙත වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති උපදේශකවරයා, ජනාධිපති ගෝඨාභයගේ ප්‍රකාශ යයි සඳහන් කරමින් සංවිධානාත්මක පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටින බැවින් ජනාධිපතිවරයා සම්බන්ධ ඕනෑම ප්‍රකාශයක් ඔහුගේ නිල සමාජ ගිණුමෙන් පමණක් ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය.

තම නිල නිවේදන නිකුත් කෙරෙන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය මගින් හෝ ජනාධිපති නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් මස 21 දා සිය නිල සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණ.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් කරන ලද ප්‍රකාශ ලෙස හුවා දක්වමින් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම නිවේදනයේ සඳහන් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ නිල ෆේස් බුක් හා ට්විටර් ගිණුමේ මෙම නිවේදනය භාෂා තුනෙන්ම නිකුත් කර තිබිණ.

 

subscribeYT

Cyber Window

නවතම පුවත්