හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රජයේ වාහන 19ක් ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා බවට පලවී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත්, එම පුවත තුලින් ජනතාව නොමග යැවීමක් සිදුකර ඇති බවත්

ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අවධාරණය කර සිටියි.

'සියත' රූපවාහිනි ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙත ලිපියක් යවමින් ඔහු එබව සඳහන් කර තිබේ.

සුගීෂ්වර බණ්ඩාර එම ලිපිය යොමුකර ඇත්තේ, ජනවාරි මස 17 වන දින 'සියත' ප්‍රවෘත්ති විකාශයේ “ටෙලි වැකිය” සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයක් සංස්කරණය කර “ටෙලි වැකිය” උද්ධෘතය යටතේ 2023 ජනවාරි මස 17 වන දින “සියත” ප්‍රවෘත්ති මඟින් විකාශය කෙරිණ.

''අද වෙන කොට වාහන 19ක් ලබා දී තිබෙනවා ලු, හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික පරිභෝජනය සඳහා. ඔහුගේ කෑම බීම වලට නව ලක්‍ෂ පනස් දහසක් දරනවලු” ලෙස ඉහත සාවද්‍ය තොරතුරක් සමාජගත කිරීමට උත්සහ කිරීම පිළිබඳව දැඩි ලෙස කනගාටුව පළ කරමි'' යයි සුගීෂ්වර බණ්ඩාර පවසයි.



හත්වන විධායක ජනාධිපතිගේ පෞද්ගලික ලේකම් යැව් ලිපියේ මෙසේද සඳහන් වේ.

''පළමුවෙන්ම සඳහන් කල යුතු වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයේ සිටිය දී හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිතා නොකළ බවයි. ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය, ජාතික උත්සව අවස්ථාවක දී හැර වෙනත් කිසිදු අවස්ථාවක භාවිතා නොකල බව ජනතාව හොඳින් දනිති. එහෙත් ඔබ ප්‍රවෘත්ති අංශය මඟින් සංස්කරණය කල මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය මඟින් වාහන 19ක් එතුමාගේ පෞද්ගලික පරිහරණයට වෙන් කර ඇති බව හුවා දක්වා තිබේ. එය ජනතාව සම්පූර්ණයෙන්ම නොමග යැවීමකි.

හිටපු සෑම ජනාධිපතිවරයෙකුගේම ආරක්‍ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්‍ෂක අනු ඛණ්ඩ වෙනුවෙන් වාහන වෙන් කිරීම සිදු කෙරේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා යොදවා ඇති ආරක්‍ෂක අනු ඛණ්ඩයට ද අවශ්‍යතාවට සරිලන පරිදි වාහන වෙන් කර තිබේ.

එය ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෞද්ගලිකව පරිහරණය කරන බවට හැඟවෙන පරිදි ප්‍රවෘත්තිය විකාශය වීමෙන් වැරදි අදහසක් ජනගත විය හැකි ය. එම වාහන අදාළ ආරක්‍ෂක අනු ඛණ්ඩයේ සේවා කටයුතු සඳහා පමණක් යොදා ගැනෙන අතර, කිසිසේත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා නොගන්නා බව සඳහන් කල යුතුය.

තවද, ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වන විටත් භාවිතා කරනු ලබන්නේ තමාගේම පෞද්ගලික මෝටර් රථය පමණක් බව ද අවධාරණය කරමි. ''

“1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත” මඟින් ජනාධිපතිවරයෙකු විශ්‍රාම යෑමෙන් පසු ලැබිය යුතු දීමනා, මූල්‍ය සහ වෙනත් ප්‍රතිපාදන පිළිබඳ පැහැදිළිව දක්වා ඇති බවත්, හිටපු සෑම ජනාධිපතිවරයෙකු වෙනුවෙන්ම වෙන් කෙරෙන එම මූල්‍ය ප්‍රතිපාදන වලට පරිබාහිරව කිසිදු මූල්‍යමය ප්‍රතිපාදනයක් ගෝඨාභය රාජපක්‍ෂ සඳහා වෙන් කර නොමැති බව වගකීමෙන් යුතුව සඳහන් කරන බවත් සුගීෂ්වර බණ්ඩාර පවසයි.

මෙම තොරතුරු නිසි ලෙස සැලකිල්ලට හා අවධානයට ගෙන ඔබ නාලිකාව මඟින් විකාශය කල සාවද්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කර සත්‍ය තත්ත්වය පැහැදිලි කර දීමට අවස්ථාව ලබාදෙන්නැයි සුගීෂ්වර බණ්ඩාර 'සියත' ආයතනයෙන් ඉල්ලීමක් කර තිබිණ.

ඒ අනුව එම මාධ්‍ය ආයතනය මෙසේ ප්‍රතිචාර දක්වා ඇත.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්