මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙන්නේ දේශපාලකයන්ට මැතිවරණ පෙත්සම්වලින් ගැලවිය හැකි

අයුරින් යැයි මැතිවරණ වියදම් නියාමන පනත සම්පාදනයට විශාල මැදිහත්වීමක් කළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (සී.එම්.ඊ.වී.) චෝදනා කරයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් දින 21ක් ඇතුළත මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කළ යුතුව තිබියදී දේශපාලකයන්ට සිය මැතිවරණ වියදම් පිළිබඳ ප්‍රකාශන ලබාදීමේ කාලය පනතෙන් දින 21ට වඩා ලබාදීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නීතිඥ ඩී.එම්. දිසානායක ‘ඉරිදා මව්බිම’ට පවසා තිබේ.



මෙම තත්ත්වය මත කිසියම් දේශපාලකයෙකු මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී දින 21කින් පසුව මැතිවරණ වියදම් ප්‍රකාශනය භාරදුන්නොත් මැතිවරණ වියදම් උල්ලංඝණය කළ මැතිවරණ අපේක්ෂකයන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කිරීමට නොහැකි ය. මෙම තත්ත්වය පැහැදිලිව ම දූෂිත දේශපාලකයන්ට නීතිමය ආවරණයක් විය හැකි යැයි පවසන නීතිඥ ඩී.එම්. දිසානායක, පාර්ලිමේන්තුවේදී කළ යුතුව තිබූ මෙම සංශෝධනය නොතකා හැරීම බරපතළ කරුණක් යැයි අවධාරණය කර සිටියි. මෙම අඩුපාඩුව මැතිවරණ වියදම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී විශාල දෝෂයක් වනු ඇතැයි ද ඔහු පවසයි.



මැතිවරණ වියදම් නියාමන පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංවාදයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන එය සම්පාදනය කරනු ලැබුවේ මැතිවරණ කොමිසම විසින් යැයි කීවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසම කෙටුම්පත් කළ පනත්වල අන්තර්ගතයට වඩා වෙනස් කරුණු එහි අන්තර්ගත වී යැයිද දිසානායක වැඩිදුරටත් සඳහන් කරයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන වාර්තාවලට අනුව 2005 ජනාධිපතිවරණයේදී රුපියල් මිලියන 712ක් (එක් ඡන්දදායකයකුට රුපියල් 54ක්), 2010 ජනාධිපතිවරණයේදී රුපියල් මිලියන 1,825ක් (එක් ඡන්දදායකයෙකුට රුපියල් 132ක්), 2015 ජනාධිපතිවරණයේදී රුපියල් මිලියන 2,705ක් (එක් ඡන්දදායකයෙකුට රුපියල් 180ක්) හා 2019 ජනාධිපතිවරණයේදී රුපියල් මිලියන 7,000ක් ඉක්මවා (එක් ඡන්දදායකයෙකුට රුපියල් 450ක්) ලෙස ජනාධිපතිවරණවලදී රාජ්‍ය වැය සඳහන් වී තිබිණි.


(mawbima.lk)

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්