ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය තුළ කළු පැල්ලමක් බවත්,

එය ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් අප රට කෙරෙහි එල්ලවන්නක් බවත් එජාපෙ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පවසයි.

සජිත් ප්‍රේමදාස විසින් අද (30) දින නිකුත්කල නිවේදනයක එබව සඳහන් වේ.

විශේෂයෙන්ම කීර්තිමත් ඉතා දක්ෂ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට එරෙහිව පලිගැනීමේ රාජ්‍ය හස්තය එල්ලවී තිබෙන බවද ඔහු එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙත දැනටමත් පීඩන එල්ල වී ඇති අතර එය අප විසින් දිනා දුන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත්, තොරතුරු දැනගැනීමේ අයිතියටත් එරෙහිව රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වීමක් බවද ප්‍රේමදාස මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් කියා සිටියි.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ නිවේදනයේ මෙසේ සඳහන්වේ.

''බහුතරයක් ශ්‍රී ලාංකික ජනතාව තම ව්‍යස්ථානුකූල අයිතිය උපයෝගී කරගෙන නව පාලනයක් ස්ථාපිත කරගනු ලැබීය.
මුළු මහත් ජනතාවම බලාපොරොත්තු වූයේ සාමකාමී, නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදය රජයන පාලනයකි.

නව රජයක් බලයට පත්වූ සැනින්, එම ආණ්ඩුව විවේචනය කිරීම සාධාරණ නොවන බවත්, ඔවුනට සිය ජනවරමට අදාළ කටයුතු කරගෙන යාම සඳහා කාලයක් දිය යුතු බවත් මම විශ්වාස කරමි.

කෙසේ වුවත් නව ආණ්ඩුව යටතේ ඇති වූ සහ ඇතිවෙමින් තිබෙන සිදුවීම් කිහිපයක් තව දුරටත් අප නිහඬව සිටීමට කළ නොහැකි තත්වයට පත්කොට තිබේ.

 

සංසුන් සමාජය භීතියට පත් කරන සිදුවීම් කිහිපයක් !

ඇතැම් සිදුවීම් සංසුන් සමාජය බොහෝ සෙයින් භීතියට පත් කිරීමට හේතු වී තිබේ.

ස්වීට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන යාමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය තුළ කළු පැල්ලමකි. එය ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් අප රට කෙරෙහි එල්ලවන්නකි.

විශේෂයෙන්ම කීර්තිමත් ඉතා  දක්ෂ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට එරෙහිව පලිගැනීමේ රාජ්‍ය හස්තය එල්ලවී තිබේ.

මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් වෙත දැනටමත් පීඩන එල්ල වී ඇති අතර එය අප විසින් දිනා දුන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත්, තොරතුරු දැනගැනීමේ අයිතියටත් එරෙහිව රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වීමකි.

 

ජනවරම පලුදු වන ලෙස සිදුකෙරෙන මෙහෙයුම් !

මේ රට සුරක්ෂිත කිරීම පළිගැනීමට තිත තැබීම, ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින් ඔසවා තැබීමේ පොරොන්දුව මත ඔවුන් වෙත ජනතාව ලබාදුන් ජනවරම පලුදු වන ලෙස කටයුතු සිදුවීම කණගාටුවට කරුණකි.

අපක්ෂපාතී නීතිගරුක නිලධාරීන් දේශපාලන දඩයමට ලක් කිරීමත් මාධ්‍යවේදීන් සහ ආයතනවල නිදහසට සීමා පැනවීමත්, ප්‍රතිවාදීන්ගෙන් පළිගැනීමත් සිහිපත් කරන්නේ 2015 පෙර මෙරට තිබූ අන්ධකාර සමය ය.

මෙම කණගාටුදායක තත්වය කෙරෙහි අපගේ බලවත් අවධානය යොමුව ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික අවධානයට යොමු කරමි.

 

පොරොන්දුවලට පිටුපා යාමක් !

තම පාර්ශවය නියෝජනය කරන අයට සේම තම මතය නියෝජනය නොකරන අයටද නිදහසේ ජීවත්වීමේ අයිතිය මේ රට තුළ තිබිය යුතුය. නව ජනාධිපතිවරයා ලෙස ඔහු වැඩ බාරගත්තේද ඒ බවට පොරොන්දු වෙමිනි.

එහෙත් සිදුවෙමින් පවතින ඉහත කී කාරණා ඔහුගේ පොරොන්දුව පිටුපා යන්නකි.

ඔහු ඇතුළුව නව ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවාසී ජනතාවට පොරොන්දු වූ නිදහස් සාමකාමී රට බිහිකරන ලෙසත් ඉහත සිදුවීම් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙසත්, අනෙකාගේ පළිගැනීමේ  ක්‍රියාවලියට රාජ්‍ය තන්ත්‍රය යොමු නොකරන ලෙසත් ඉල්ලා සිටිමි.''

 30.11.2019_SP_Press_Release.pdfLet 1

Let 2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්