තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම (එ.ජ.නි.ස.) ඊයේ (21) දින සමගි ජනබල වේගයේ සාමාජිකත්වය ගත්හ.



සමගි ජනබල වේගයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි අතින් සමගි ජන බල වේගයේ සමාජිකත්වය ගත් ඔවුන් දෙදෙනා  ඉදිරි පලාත් මැතිවරණයේදී තංගල්ල නගර සභාවට සමගි ජනබල වේගයෙන් තරඟ කිරීම සදහා නාමයෝජනා ද දුන්හ.

මේ බව සදහන් කිරීම සදහා පාර්ලිමෙන්ත්‍ර මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පැවති අතර එයට නගරසභාවේ සභාපතිවරයා හා නාගරික මන්ත්‍රී වරයා ද සහභාගි වූහ.

මාධ්‍ය හමුවේදී දිලප් වෙදආරච්චි මන්ත්‍රී වරයා කියා සිටියේ, තංගල්ල නගරසභාවේ සභාපතිවරයා හා අරලිය එරන්දිම සමගි ජනබල වේගයට එක්වීම තමන් ලැබූ ජයග්‍රහණයක් බවයි.

තංගල්ල නගරය රාජපක්ෂවරුන් ගේ නොවන බවත් එය අපට අයත් නගරයක් බවත් දිලිප් වෙදආරච්චි මෙහිදී අවධාරණය කළේය.

සමගි ජනබල වේගයට එක් වු නාගරික මන්ත්‍රී වරයා හා සභාපති වරයා පැවසුවේ තංගල්ල නගරයේ පුරවැසියන්ට සේවය කිරීමට පොදුජන පෙරමුණේ කණ්ඩයමක් හා ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනා ඉඩ ලබා නොදෙන බවයි. එම නිසාම වැඩක් කළ හැකි කන්ඩායමක් සමඟ එකතු වීමට තමන් තීරණය කළ බව ඔවුහු පැවසූහ.


(lankadeepa.lk)

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්