කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ තුෂාර සංජීව විතාරණ ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් ඉල්ලා අස්වූවායැයි සලකා කටයුතු කරන්නැයි දන්වමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර ඇත.



ඒ, කුරුණෑගල මහ නගර සභාවේ 2023 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ අයවැය ලේඛනය පරාජයට පත්වීම හේතුවෙනි.

2020 වසරේ 10 වන මස 29 වන දිනැති වූ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2020 මහ නගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව, අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමට කටයුතු නොකිරීම මීට හේතුවයි.

ඒ අනුව කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරය පුරප්පාඩු වූවා සේ සැලකිය යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ගැසට් නිවේදනයේ සඳහන් වේ.


1 copy 1 807x1024 


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්