ඉරානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මේලනයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ සහභාගී වී ඇත.



ලොව සාර්ථකත්වය සඳහා බලපෑමක් ඇති කිරීමට හැකි කාන්තාවන් සඳහා වූ පළමු ජාත්‍යන්තර සම්මේලනය (The First International Congress of Influential Women) ජනවාරි 20දා ටෙහෙරානයේදී පැවැත්විණි.

ශිරන්ති රාජපක්ෂ එම සම්මේලනයට සහභාගී වී ඇත්තේ මෙම සමුළුවේ සංවිධායක මණ්ඩලය විසින් සිදු කරන ලද නිල ආරාධනයකට අනුවය.

බුර්කිනා ෆාසෝ, කිර්ගිස්තානය, සර්බියාව, ගිනියා, නයිජීරියාව, සිරියාව, ටර්ක්මෙනිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල රාජ්‍ය නායකයින්ගේ බිරින්දෑවරුන්, අමාත්‍යවරුන්, උප ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කාන්තා නියෝජිතයින් මේ අවස්ථාව සඳහා එක්විය.

මෙහිදී සාර්ථක ඉරාන කාන්තාවන්ගේ ජයග්‍රහණ එළිදැක්විමක්ද සිදු කෙරුණි.

මෙහිදී ඉලෙක්ට්‍රොනික උපකරණ, වෛද්‍ය උපකරණ, නව තාක්‍ෂණය, නවෝත්පාදන සහ ගෘහ ව්‍යාපාර වැනි විවිධ ක්ෂේත්‍රවල ඉරාන කාන්තා ව්‍යවසායකයින්ගේ ජයග්‍රහණ ඇගයීමට ලක්විය.

ලොව සාර්ථකත්වයට බලපෑම් ඇති කිරීමට හැකි කාන්තාවන් අගය කිරීම, ඔවුන්ට සහයෝගය දැක්වීම සහ ඔවුන්ගේ වර්ධනයට උපකාර කිරීම සහ ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ අදහස් ප්‍රවර්ධනය කිරීම මෙම සම්මේලනයේ අරමුණ වේ.

ඉරානයේ ටෙහෙරාන් නුවරදී ජනවාරි මස 18 දින සිට 22 වන දින දක්වා මෙම සම්මේලනය පැවැත්වීමට නියමිත ය.

170129818

170130250

170129816


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්