පසුගිය නොවැම්බර් 16 වෙනි දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට පෙරාතුව බරපතල මැතිවරණ වංචා සිදු වූ බව

සහ මුස්ලිම් ජනතාවට එරෙහිව එල්ල වූ තර්ජන හේතුවෙන් ඔවුන් බොහෝ දෙනා සිය ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටි බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පවසයි.

එමෙන්ම එවක ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි විමසා නොබැලූ බවට ද ඔහු මැතිවරණ කොමිසමට චෝදනා කරයි.

ඔහු පවසන්නේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ විමසා බලනු වෙනුවට "එකම ප්‍රශ්නය" තමන් යයි ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට දැනුම් දී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ජීවිතය අනතුරේ හෙලූ බවය.

මේ චෝදනා පිළිබඳ විමසූ අවස්ථාවේ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ, මහාචාර්ය හූල් එල්ල කරන චෝදනාවලට තමන් ප්‍රතිචාර නොදක්වන බවකි.

නිදහස් හා සාධාරණ ද?

MahindaD Prof Hool

Text 6මහාචාර්ය රත්නජීවන් හූල් පවසන්නේ, 2019 නොවැම්බර් 16 වෙනි දින පැවති ජනාධිපතිවරණය තමන් මෙතෙක් දුටු සාධාරණම සහ නිදහස් මැතිවරණය වුව ද, එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවූ බවය.

    1- ඒ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කර සිටින බැවින් මුස්ලිම් ජනතාව ඔහුට ඡන්දය දී එයට දායක විය යුතු බවට ජනාධිපති              නීතිඥ අලි සබ්රි කරන ලද ප්‍රකාශය

    2- නීතිඥ අලි සබ්රිට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිසම අපොහොසත්වීම
   
    3- මුස්ලිම් ජනතාව පාලනය සහ මර්දනය කළ යුතු අතර ඒ සඳහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ බවට කරුණා අම්මාන් කළ     
        ප්‍රකාශයක්

   
   4- එහි ප්‍රතිඵලයක් ලෙසින් බොහෝ මුස්ලිම් ජනතාව සිය ඡන්දය භාවිත නොකිරීම

යානාදි කරුණු මහාචාර්ය හූල් විසින් පෙන්වා දෙනු ලබන්නේ මැතිවරණයට පෙරාතුව වූ වංචාවන්ට අදාළ සිදුවීම් පිළිබඳ උදාහරණ ලෙසිනි.

ඉහත කී බිය මුසු වාතාවරණයක් නිර්මාණය වීම හේතුවෙන් ජනපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් විය හැකිව තිබූ බවක් ගම්‍ය නොවන බව ද මහාචාර්යවරයා අවධාරණය කරයි. කෙසේ වුව ද, ශ්‍රී ලංකාව ජාතිවාදී ලෙසින් බෙදී සිටින රාජ්‍යයක් ය යන්න මැතිවරණ ප්‍රතිඵලය මගින් දක්නට ලැබෙන බව ඔහුගේ අදහසය.

  

ද්විත්ව පුරවැසිභාවය

ජනපතිවරණයට පෙරාතුව ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හරින ලද බව ඔහුගේ පාර්ශවය පවසන අතර, ඔහු තවමත් ඇමෙරිකානු පුරවැසියෙකු බව ප්‍රතිවාදීහු පවසති.

ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය අවලංගු කිරීම සම්බන්ධ සියලු ලිපිලේඛන මැතිවරණ කොමිසමට භාර දුන් බව කලක් ඔහුගේ ප්‍රකාශකයා ලෙස කටයුතු කළ මිලින්ද රාජපක්ෂ සඳහන් කොට තිබුණ අතර, එවකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර සඳහන් කර තිබුණේ අලි සබ්රි ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට ඇති බවය.

Milinda Ra twite

MangalaS twite

කොමිසමෙන් නිල වශයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් කරුණු දැක්විය හැකි බව ඒ සම්බන්ධයෙන් කලෙකට පෙර තමන් විමසීමක් කළ අවස්ථාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළ බව පවසන මහාචාර්ය රත්නජීවන් හූල් වැඩිදුරටත් පවසන්නේ ඒ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙකු නොවන බව පවසමින් කොමිසම සිය අදහස ප්‍රතික්ෂේප කළ බවය.

ඉන් අනතුරුව කොමිසමේ සාමාජිකයන් තිදෙනා පමණක් සිටි අවස්ථාවක කොමිසමේ කැඳවීමකින් තොරව ගෝඨාභය රාජපක්ෂ සහ නීතිඥ අලි සබ්රි කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ අවස්ථාවේ තමන් කිසිදු විමසීමක් පවා නොකළ ද :

    # පුරවැසිභාවය අවලංගු කළ බව පවසමින් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කළ බව පැවසෙන ලිපියක්

    # අවලංගු කරන ලද ඇමෙරිකානු ගමන් බලපත්‍රයක්

    # ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයක්

ගෝඨාභය රාජපක්ෂ කොමිසම හමුවේ ඉදිරිපත් කළ බව පවසන කොමසාරිස්වරයා, කොමිසමේ අනෙක් සාමාජිකයන් දෙදෙනා ඒ ලේඛන යාන්තමින් විමසා බැලූ අතර, ගෝඨාභය රාජපක්ෂ "රටක් නැති පුද්ගලයෙක් බවට පත්කළ හැකි අන්දමේ ගැටලු" තමන්ට ඒ අවස්ථාවේ එම ලේඛනවල දැකගන්නට ලැබුන බව ද සඳහන් කරයි.

"අභියාචනාධිකරණය එය විසඳිය යුතුව තිබුණ," බව ඔහුගේ අදහසය.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළි ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ජනපතිවරණය සඳහා නාම යෝජනා දීමට දින කිහිපයකට පෙර අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට ගෝඨාභය රාජපක්ෂ මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇති බව පෙත්සම්කරුවන්ගේ තර්කය වී තිබිණි.

ඉන් අනතුරුව නාම යෝජනා භාරදෙන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් විරෝධතාවක් මතු කිරීමට තමන් අදහස් කළ ද, වෙනත් පුද්ගලයන් විරෝධතා මතු කරනු ඇතැයි කොමිසමේ අනෙක් සාමාජිකයන් දෙදෙනා සහ හිතවත් නීතිවේදීන් තමන්ට දැනුම් දුන් බවය.

ඔහු පවසන පරිදි ඒ වනවිටත් විරෝධතා ලේඛන සකස් කර තිබුණු බවත් ඔහුට දැනුම් දී තිබේ.

කෙසේ වුව ද ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව කිසිදු විරෝධතාවක් ඉදිරිපත් නොවූ අතර සිය අපේක්ෂකත්වයට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව සඳහන් දිවුරුම් පෙත්සමක් සෑම අපේක්ෂකයෙකුම භාර දී තිබේ.

 

මාධ්‍ය උපමාන

මැතිවරණ කොමිසම මාධ්‍ය උපමාන නිකුත් කරන්නේ නම් රජයේ සහ පෞද්ගලික යන සියලුම මාධ්‍ය එම උපමාන පිළිපැදිය යුතු බව මහාචාර්ය රත්නජීවන් හූල් ගේ ස්ථාවරය වී තිබේ.

"එහෙම නැත්නම් ඒවා නිකුත් කරන්නේ මොකටද?," ඔහු ප්‍රශ්න කරයි.

මහාචාර්යවරයා පවසන්නේ, එම උපමාන නොපිළිපදින මාධ්‍ය ආයතනවල බලපත්‍ර අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසම විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දිය යුතු බවය.

ඒ වෙනුවට කොමිසමේ අනුමැතියකින් තොරව සභාපති මහින්ද දේශප්‍රිය රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නියෝග නිකුත් කිරීම මගින් ඔහු කොමිසමේ බලාධිකාරිය දුර්වල කරන ලද බවටත් ඔහු චෝදනා කරයි.

 

පුත්තලමේ මුස්ලිම් වැසියන්ට ප්‍රහාර

සිය ඡන්දය භාවිත කිරීම පිණිස පුත්තලමේ සිට මන්නාරම දක්වා ගමන් කරමින් සිටි ඡන්දදායකයන්ට එල්ල වූ ප්‍රහාරය ගැන අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සාමාජිකයා පවසන්නේ, මුස්ලිම් ඡන්දදායකයන් ඡන්දය දීමෙන් වැළැක්වීමට සංවිධානාත්මක උත්සහයක් පැවති බවය.

එවැනි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට තමන් මුලින්ම අනතුරු ඇඟවූ නමුත් එය නොසලකා හරින ලද බවට චෝදනා කරන ඔහු, එහි ප්‍රතිඵලය වූයේ ඔවුන්ට වෙඩි ප්‍රහාර එල්ලවීම සහ යළි පැමිණෙන අවස්ථාවේ පොලිසිය විසින් ඔවුන් රඳවා ගැනීම බව ද පවසයි.

Text 5ගැටුම විමසා බැලීම පිණිස තමන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ දක්නට ලැබුණු තත්වය ද ඔහු විස්තර කරයි.

"ඡන්දය දාන්න ගිය මුස්ලිම්වරුන්ට වෙඩි තබල තිබුණා. ඒත් ඡන්දය දැමිය යුතු බව ඔවුන් කියා සිටියා. හඬමින් සිටි දරුවන් සහ බියෙන් සහ සාගින්නෙන් සිටි මගීන්ගෙන් පිරුණු බස් කිහිපයක් චෙට්ටිකුලම් අසල ස්ථානයකදී මම දැක්ක."

මහාචාර්ය හූල් වැඩිදුරටත් පවසන්නේ ඔවුන් ආරක්ෂිතව යළි කැඳවා යාමට තමන් සූදානම් වුවත් එහි සිටි පොලිස් නිලධාරීන් එයට අවසර නොදුන් අතර, පැය ගණනාවකට පසුව ඔවුන් ආපසු යන විටත් සිංහල කලහකරුවන් ඔවුන්ට පහර දී තිබුණු බවය.

"ඒක ඡන්දය දීම නිසා දඬුවම් කිරීමක්."

ඔවුන් පහරදීමට ලක්වූයේ රට පුරා උත්සන්න වූ ජාතිවාදය හේතුවෙන් බව පවසන ඔහු, ඔවුන් වෙනුවෙන් විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට කොමිසමට බලය තිබුණ ද එසේ නොකිරීම කනගාටුවට කරුණක් බවත් සඳහන් කරයි.

 

මහින්ද දේශප්‍රියගේ ප්‍රතිචාරය:

මෙම චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පිළිතුරු දුන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ, ඒ අවස්ථාවේ තමන් කොළඹින් බැහැරව සිටින බැවින් අදාළ චෝදනා පිළිබඳව කොමිසමේ සාමාජික, ජනාධිපති නීතිඥ එන් ජේ අබේසේකර ගෙන් ද විමසා බැලූ බවය.

එම චෝදනාවලට පිළිතුරු නොදිය යුතුය යන්න කොමිසමේ සාමාජික, නීතිඥ අබේසේකර ගේ ද අදහස වූ බව සඳහන් කළ සභාපතිවරයා, මහාචාර්ය හූල් යනු කවරෙකු දැයි "ශ්‍රී ලංකාවේ හැම දෙනාම දන්නා" බවත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා සඳහන් කළේ, මහාචාර්යවරයා මතුකරන චෝදනාවල සත්‍යාසත්‍යභාවය ඉතිහාසය විසින් තීරණය කෙරෙනු ඇති බවය.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්