විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත් කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.


ඊයේ (22) සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු එබව කියා සිටියේය.

පසුගිය දිනක මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කළ යුතු බවට අමාත්‍ය කංචන විජේසේකර විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනක රත්නායක පවසා සිටියේ, තමාව ධුරයෙන් ඉවත් කිරීම එතරම් ලේහෙසි පහසු කාර්යයක් නොවන බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජනක රත්නායක මෙසේ සඳහන් කළේය.

"මම දැක්කා විදුලිබල හා බලශක්ති ඇමතිවරයා ඊයේ කියල තිබුනා මාව මේ උපයෝගිතා කොමිසමෙන් ඉවත් කළ යුතුයි කියල ..ඒක එච්චර ලේසි ක්‍රියාවලියක් නෙමෙයි.  වැරැද්දක් තියෙනවා නම් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට සහ මට කරුණු දක්වලා ලිපියක් එවන්න ඕනේ. ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න ඕනේ.

ඒකට මට සාධාරණ කාලයක් දිය යුතුයි හේතු දක්වන්න. ඊටත් පස්සේ තමයි 113 කගේ වැඩි ඡන්දයෙන් සාමාජිකයෙක් හෝ මාව හරි අස්කරන්න පුළුවන් වෙන්නේ. ‌මේක ඉතා විශාල ක්‍රමවේදයක් තියෙන කාර්යයක්.

මම නම් ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ කොමිසමේ සාමාජිකයින් හෝ සභාපතිවරයා ඉවත් නොකර ‌මේ විෂය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව කටයුතු කරන විෂය භාර ඇමතිතුමාව අයින් කරලා මේ පිළිබඳව හරි අවබෝධයක් තිබෙන ඇමතිවරයෙක් මේකට පත්කරොත් එහෙම අපිට මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන ඉතා සාධාරණව විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා."


''එක් පුද්ගලයෙකුට ජනතාව බිත්තියට හේත්තු කරන්න දෙන්න බෑ'' - ඇමති කාංචන


''මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සහ ත්‍රස්තවාදීන් මෙන් හැසිරෙන වෘත්තිය සමිති අතර සම්බන්ධයක් තියෙනව ද කියල දුරකථන සංවාද පරීක්ෂාකරන දැනගන්න පුළුවන්. කොමිසමේ ස්වාධීන සාමාජිකයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. එක් පුද්ගලයෙකුට ජනතාව බිත්තියට හේත්තු කරන්න දෙන්න බෑ..'' යයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගිය සෙනසුරාදා (21) පැවසිය.

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්