ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ස්ථිරවම තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණෙන් පමණක් බව මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 69ක ජනතාවක් ඡන්දය දුන්නේ පොහොට්ටුවට නිසා ඉදිරි මැතිවරණයද පොහොට්ටුව ලකුණින් තරග වදින බවද ඔහු කියා සිටියේ උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටුවෙන්' ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂට සහයදීමට එකඟ වුයේ මහ මැතිවරණයේදී ශ්‍රීලනිප- පොහොට්ටු සන්ධානය 'පොහොට්ටුව' සලකුණ වෙනුවට 'පුටුව' ලකුණින් ඉදිරිපත්වීමට එකඟ බවට 'පොහොට්ටු' පක්ෂ නායකයින් දුන් සහතිකය මතය.

බැසිල් රාජපක්ෂ සමග එළඹී එකඟතාවයන්ට අනුව මහ මැතිවරණය සඳහා පක්ෂ දෙකම පුටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මිට ඉහතදී ප්‍රකාශකර තිබිණ.

සබැඳි පුවත් :

ශ්‍රීලනිපයට කුඩම්මාගේ සැලකිලි: දුමින්දට හා දයාසිරිට අමාත්‍යංශ කාර්යාලයක්වත් නැහැ!

ශ්‍රීලනිපය කනස්සල්ලෙන්: දුමින්දගේ හා දයාසිරිගේ නම් කැපුන හේතුව?

ශ්‍රීලනිපයට සැලකිලි 2018 පුංචි ඡන්දයේ ප්‍රතිපල මත පමණයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්