'ගෝඨා ගෝ හෝම්' යනුවෙන් ගෝල්ෆේස් අරගලකරුවන් විසින් භාවිතා කළ සන්නාමය මුලින් නිර්මාණය කළේ යෝෂිත රාජපක්ෂ බවත් ඒ අරගලය සිදුවීමට පෙර සිදුවූ සිදුවීමක් බවත් 'දෙරණ' මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර පවසයි.



ඔහු එබව සඳහන් කර ඇත්තේ Iraj Show සමාජ මාධ්‍ය නාලිකාව සමග පැවති සංවාදයකදී ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත්කිරීම සදහා තමා සහයෝගය ලබාදුන් බවත් එනිසාම රාජපක්ෂ පවුලේ දැඩි විරෝධයක් තමන්ට එල්ල වූ බවත් ඔහු එම සංවාදයේදී කියා සිටියි.

රාජපක්ෂ පවුලේ පවුල් දේශපාලනයෙන් මුදා ගෝඨාභය රාජපක්ෂ වෙනත් දේශපාලන ප්‍රවාහයකට යොමුකිරීමට උත්සාහ කිරීම මත මෙම විරෝධය ඇති වූ බවද, එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වූ පසුව ඔහු යළිත් රාජපක්ෂ පවුලේ දේශපාලනය තුළම කටයුතු කරන්නට වූ බවද දිලිත් ජයවීර පවසයි.

ජනතා  විමුක්ති පෙරමුණේ දේශපාලනයට මුල සිටම තමන් සහයෝගය ලබාදුන් බවත්, 2008 දී ජනතා විමුක්ති පෙරමුණ තුළ සිදුවූ බෙදීමත් සමග තමන් ජනතා විමුක්ති පෙරමුණේ නව ගමන පිළිබදව කලකිරී එම දේශපාලන ව්‍යාපාරයට සහයෝගය දැක්වීම නතර කළ බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

දිලිත් ජයවීර මෙම සංවාදයේ දී දේශපාලන ක්ෂේත්‍රයේ මෙතෙක් හෙලිනොවූ කරුණු රැසක් අනාවරණය කර සිටියි.




JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්