ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ ඇති වැරදි වැටහීම් වලක්වා ගැනීම සඳහා ''අවංක සහ මූලිකත්වය'' ගෙන තමන් කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි.
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හින්ද පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව ඇතුළු කලාපයේ රටවලට චීන ආයෝජකයන්ට විකල්පයක් ලෙස ශ්‍රී ලංකාව වැඩි ආයෝජන සිදුකළ හැකි බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
චීනය හා පාකිස්ථානය සමඟ ඇති ශ්‍රී ලංකා සබඳතා සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන්ට සැකයක් හෝ ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
හම්බන්තොට වරාය චිනාට දීම: ''අනාගත පරපුර 'අපිට ශාප කරනවා''
වරාය සංවර්ධනය හා ත්‍රිකුණාමලයේ ඉන්ධන ගබඩා සංකීර්ණ සම්බන්ධයෙන් 2017 දී ඉන්දියාව සමග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අදහස කුමක්ද යන්න මෙහිදී ''හින්දු'' පුවත්පත විමසා ඇති අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පවසා තිබේ.
''අපට යම් ක්‍රමවේද වෙනස් කළ යුතු ව්‍යාපෘති කිහිපයක් තිබෙනවා. මම තවම සියලු ව්‍යාපෘති විස්තරාත්මකව අධ්‍යයනය කරලා නැහැ. ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරට සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනව. ඒ වගේම ශ්‍රී ලංකාවට වැදගත්වන සියලුම ව්‍යාපෘති කඩිනම් කරන බවට මම පොරොන්දු වෙනවා''
එමෙන්ම හෝටලයක් හෝ පර්යන්තයක් බදු දෙන ආකාරයට උපායමාර්ගිකව වැදගත් වරායක් බදු දීම අනුමත නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
''වරායක් හෝ ගුවන්තොටුපොළක් බද්දට ලබාදීම වෙනස්ම කාරණාවක්. අපේ රට ඇතුළේ ඔවුන්ට ඕනෑම දෙයක් සිදුකිරීමේ හැකියාවක් මේ තුළින් ලැබෙනවා. පසුගිය රජය විසින් 99 වසරක බද්දක් සඳහා වටිනාකමකින් යුත් මේ වරාය බදුදීම ගැන අනාගත පරපුර කවදා හෝ දිනයක අපිට ශාප කරනවා. ඒ නිසයි මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න අපේ රජය තීරණයකළේ.'' ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා තිබේ.
(newsradio.lk)
'හින්දු' පුවත්පත් වාර්තාව
Will be frank with New Delhi to avoid misunderstandings: Gotabaya Rajapaksa