ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රට තුළ මතුවන වන විවිධ දේශපාලන සාධකවලින් මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ උත්සාහයක් පවතින්නේදෝයි තමන් ට ද ප්‍රශ්නාර්ථයක් පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා පවසයි.



ඔහු මේ බව කියා සිටියේ 'හිරු' ටීවි ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වූ 'සලකුණ' දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

ඉදිරියේදී පැවැත්වීමට දින නියම කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලනික වශයෙන් විවිධ සාධක ඉස්මතු වන බව සඳහන් කළ සභාපතිවරයා, එම සාධක පිළිබඳව සැලකීමේදී මේ තමන් ඇතුළු මේ රටේ ජනතාවට රජය මෙම මැතිවරණය පැවැත්වීම වළකාලීමට උත්සාහ ගන්නා බවට සාධාරණ ප්‍රශ්නාර්ථයක් මතුවන්නේ යයිද පැවසිය.

මැතිවරණ කොමිසම විසින් මේ වනවිට තේරීම් භාර නිලධාරීන් විසින් එකඟතාව පළ කරන ලද දිනය වන මාර්තු මස 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවත්වීමට ආදළ කටයුතු සම්පාදනය කරමින් පවතින බව ප්‍රකාශ කළේය.

මේ සඳහා මැතිවරණ කොමිසම මුලින් රුපියල් බිලියන 11ක් ඉල්ලා තිබූ බවත් අවසානයේ බිලියන 10ක ඇස්තමේන්තුවක් අනුව කටයුතු කරමින් සිටින බව සඳහන් කළ මැතිවරණ කොමිසමේ සභාපති වරයා, මේ වනවිට රජය අයවැයෙන් වෙන් කරන ලද මෙම බිලියන 10කමුදල ලබා දීමට අදිමදි කරන්නේ කෙසේද යන්න පිළිබඳව තමන්ටද ගැටලුවක් පවතින බව කීවේය.

එමෙන්ම ඔහු මෙහිදී තවදුරටත් සඳහන් කළේ අදාල රුපියල් බිලියන 10ම එකවර අවශ්‍ය නොවන අතර මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 3ක පමණ මුදලක් අවශ්‍ය බවයි.

මෙම මුදලවත් ලබා නොදෙන්නේ නම් එය ප්‍රශ්නයක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



සබැඳි පුවත් :

මැතිවරණ කොමිසමේ ගණපූර්ණය තිබුනද? නැද්ද?

ඡන්දේ කල්දාන උත්සහයක් ද? - මුදල් ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බදාදා රැස්වෙයි

තවමත් මැතිවරණ දිනය ගැසට් කර නෑ !

'පුංචි ඡන්දයට දින දුන්නත් ඡන්දයක් තියන එකක් නැහැ' - පී. හැරිසන්

පුංචි ඡන්දය මාර්තු 9 වැනි දා පැවැත් වේවි ද ? - (නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර)

පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්? -(ගාමිණී වියන්ගොඩ)


 

JW

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්