තම අත්සන ව්‍යාජ ලෙස භාවිතා කර මෙවර මැතිවරණයට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි

පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (24) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කළේය.

දෙහිවල ගල්කිස්ස සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 'අත' ලකුණ යටතේ ඉදිරිපත් නොවූ බවත්, තමා එවැනි නාමයෝජනා පත්‍රයකට අත්සන් නොකළ බවත් කී මන්ත්‍රීවරයා කිසිවකු විසින් තම අත්සන ව්‍යාජ ආකාරයෙන් යොදා කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත නාමයෝජනා පත්‍රයක් භාර දී ඇතැයි ද පැවසීය.

තම අත්සන හොරට ගැසූ අය මෙන්ම අනුබල දුන් අය සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා තමන් මෙම පැමිණිල්ල කළ බවද ජයසේකර  සඳහන් කළේය.

මෙය කූඨ ලේඛන සැකසීම යටතේ කර ඇති බරපතල වරදක් බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙසින් මෙම නාමයෝජනා පත්‍රය භාර දී ඇත්තේ සමන් අලගේෂ්වර නැමති අයකු බවත් ඔහුට එය ලබාදුන්නේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image