මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද? නැද්ද? යන්න මහ බැංකුවට අදාළ කාරණයක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අවධාරණය කර සිටියි.



මැතිවරණයට වියදම් කිරීමට මුදල් තිබෙනවා ද යන කාරණය විමසිය යුත්තේ මහ භාණ්ඩාගාරයෙන් බවත්, මුදල් වෙන් කිරීම මහා භාණ්ඩාගාරයේ කටයුත්තක් බවත්, භාණ්ඩාගාර ලේකම්වරයා ඒ ගැන උසාවියට ප්‍රකාශයක් කර ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පවසයි.

ඔහු එබව කියා සිටියේ, අද (25) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ය.  

මැතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදුනහොත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ට ලිඛිතව දැනුම්දී තිබිණ. මහ බැංකු අධිපතිවරයා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ

මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා මෙසේද පැවසිය.

"මැතිවරණය පැවැත්වීම සුදුසුද? නැද්ද? කියලා අදහස් දක්වන්න අපිට අවශ්‍ය නැහැ. ඒක අපිට අදාළත් නැහැ. ප්‍රධාන හේතුව මහ බැංකුව කියන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආයතනයක්. මැතිවරණය තියෙන්නේ අපේ රාමුවෙන් පිටත. ''

 

"මැතිවරණ කොමසාරිස්තුමා මටත් ලියුමක් එවලා තිබ්බා.. ඇත්තටම විශාල වශයෙන් පෝළිම් තිබෙන කොට අපි කරගෙන යන්නේ අත්‍යවශ්‍ය දේවල්වලට ප්‍රමුඛතාවය දෙන එක."

 

"දෙසැම්බර් සිට විදේශ විනිමය ලැබීම වර්ධනයක් තිබුණු නිසා.. අපි විසින් මැදිහත් වෙලා විදේශ විනිමය සපයාදීම වෙනුවට අපි කියලා තිබ්බා බැංකුව දැන් සංචිත තිබෙනවා ඒනා ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේවල්වලට අවශ්‍ය මුදල් ඒ හරහා ලබාගන්න කියලා."

"එහෙම ලබාගන්න බැරි වුණොත් විතරක් අපේ තියෙන ඒවාවලින් දෙන්නම් කියලා. ඒක තමයි දැන් යන ක්‍රමය."

"දැන් විදේශ විනිමය පැත්තෙන් විශාල හිඟයක් බැංකු ක්‍රමය තුළ නැහැ. මාකට් එකේ සල්ලි තිබෙනවා."


ප්‍රශ්නය :
"IMF ක්‍රියාවලියට මැතිවරණ ප්‍රතිඵලය බලපෑමක් විය හැකි ද?"

මහ බැංකු අධිපති :
"මැතිවරණය IMF ක්‍රියාවලියට බලපායි ද කියලා කියන්න මම විශේෂඥයෙක් නෙමෙයි."

"අපේ පැත්තෙන් අපි දකින්නේ IMF හරහා මේ වගේ සංකීර්ණ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනකොට අමාරු ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීම කවුරුන් හේ රජයක් ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ."

"මේ වගේ ආර්ථීක අර්බුදයකින් ගොඩ එන්න වේදනාකාරී ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක කරන්න වෙනවා. දැනට කරගෙන ගිය ක්‍රියාවලිය සෑහෙන්න සාර්ථක වෙලා ඉදිරියට ඇවිත් තිබෙනවා. මේක දිගටම ඒ ආකාරයට ක්‍රියාත්මකවීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.. මැතිවරණය තිබ්බත් නැතත්."

"බදු ප්‍රතිපත්තිය යටත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට.රටේ මූල්‍ය ප්‍රතිපත්ති විදිහට තමයි මහ බැංකුව කටයුතු කරන්නේ. අපි විශ්වාස කරන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රටේ මූල්‍ය ප්‍රතිපත්ති එකට යායුතුයි කියලා."


ප්‍රශ්නය :
මැතිවරණයට වියදම් කිරීමට මුදල් තිබෙනවා ද?


මහ බැංකු අධිපති :

"ඒක ඇත්තටම අහන්න ඕනේ භාණ්ඩාගාරයෙන් තමයි. මුදල් වෙන් කිරීම මහා භාණ්ඩාගාරයේ තිබෙන කටයුත්තක්. භාණ්ඩාගාර ලේකම්තුමා ඒ ගැන උසාවියටත් ප්‍රකාශයක් කරලා තිබ්බා. එතැනින් තමයි ඒකෙ පිළිතුර දැනගන්න වෙන්නේ."





සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්