බිත්තරයක මිල තීරණය කිරීමේ දී සාධාරණ මිලක් මෙන්ම බිත්තරයේ ප්‍රෝටීන් අගය අඩු නොකර

එහි ගුණත්වය රැකගැනීම යන සාධකය සඳහා ප්‍රමුඛත්වයක් දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

පසුගියදා කෝප් කමිටුව හමුවේ කරුණු දක්වමින් පාරිභෝගික සේවා අධිකාරිය වෙත රණවක මන්ත්‍රීවරයා විසින් විශේෂ යෝජනා කිහිපයක් ද සිදු කළේය. එම යෝජනාවන් පහත දැක්වේ.

1. පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට හෝ පාරිභෝගික සේවා අධිකාරියට පහත කරුණු සම්බන්ධයෙන් නිරන්තර සොයා බැලීමක් (Continuous Monitoring) සිදු කිරීමට හැකිවන ස්වයංක්‍රීය යාන්ත්‍රණයක් සකස් විය යුතුය.

-   බිත්තර නිෂ්පාදනය සිදුවන ආකාරය

-  බිත්තරවල මිලගණන් උච්ඡාවචනය වීම

-  බිත්තර නිෂ්පාදනය සම්බන්ධ ගණන් හිලව් සම්බන්ධ තොරතුරු, සුළු පරිමාණ , මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන විස්තර යනාදිය පිළිබඳ තොරතුරු ආයතනික වෙබ් අඩවිය මගින් ලබාගත හැකි පරිදි


2.  දැන් බිත්තර වල දෙන ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කරමින් නිෂ්පාදන පිරිවැය (Cost of Production) අඩු කිරීමට කටයුතු කරයි. ඒ අනුව බිත්තරේ තත්ත්වයත් බාල වේ. එබැවින් ඒ සම්බන්ධ තත්ත්ව පරීක්ෂා සහ තොග පරීක්ෂණ යනාදිය සිදුකිරීම සඳහා පාරිභෝගික අධිකාරියටත් නියාමන ක්‍රියාවලියක් (Monitoring Process) අවශ්‍යය.

3. නිෂ්පාදන පිරිවැය (Cost of Production) බැලූවිට සති දෙකක් ඇතුලත එකිනෙකට වෙනස් වාර්තා නිකුත් වන අතර එසේ උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යා නොහැක. තෙල් මිල, සහ අනෙකුත් පිරිවය අඩුවන තත්ත්වයක් සමග Base Price ඉහළ යාමක් සිදු විය නොහැකිය.

මේ සියළු පිරිවැය සළකා බලා යුක්ති සහගත මිලක් සඳහා එකඟතාවයක් ඇති කර ගත යුතුය. දැනට රු. 51 කට බිත්තරයක මිල තීරණය කොට තිබුණද වෙළෙඳපොලේ බිත්තරයක් අලෙවි වන්නේ රු. 65 ක් වැනි මුදලකටය. රු. 15 ක මිල අඩුවීමක් පවා මේ වන විට ජනතාවට සහනයක් බැවින් එම තීරණය කළ මිලට හෝ බිත්තර ලබා දීමට කටයුතු කළ යුතුය.

4. අප්‍රේල් මාසය වැනි උත්සව සමයන්හි ඉල්ලුම වැඩිවීමට සාපේක්ෂව කුකුල් පැටවු ප්‍රතිශතය, ආහාර ප්‍රතිශතය වැඩිකරන ක්‍රියාවලියක් අවශ්‍යය. වෙළෙඳපොල ක්‍රමයේ ඉල්ලුම සහ සැපයුම මගින් සියල්ලම තීරණය කිරීමට ඉඩ දෙන්නේ නම් නියාමන අධිකාරින් අවශ්‍ය නොවන අතර, යම් විකෘතියක් සිදුවේ නම් එය යම් ප්‍රමාණයකට නියාමනය කිරීම සඳහා කටයුතු කළ යුතුය.

5. එම යාන්ත්‍රණය සකස් කොට පොදු ව්‍යාපාර කාරක සභාව වෙත වාර්තා කිරීම සිදු කළ යුතුය.

 

  

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්