තමන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපති

නීතිඥ නිමල් පුංචිහේවා අවධාරණය කර සිටියි.

ඔහු කියා සිටියේ, පළවන මේ අසත්‍ය තොරතුරුවලට පිළිතුරුදීමට කාලය වැය කිරීම පවා අර්ථයක් නොමැති දෙයක් බවයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතු ජාතික මැතිවරණ කොමිසම සම්පාදනය කරමින් සිටින බව ද පුංචිහේවා ප්‍රකාශ කළේ ය.

මේ අතර කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම පළාත් පාලන ඡන්දය පැවැත්වීමට බාධාවක් නොවන බව ද නිමල් පුංචිහේවා පැවසුවේ ය.

ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ, පී.එස්.එම්. චාල්ස් කොමිසමේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.

ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට නිල දැනුම්දීමක් කර නොමැති බවයි.

කෙසේවෙතත් එක් සාමාජිකයෙකුගේ ඉවත්වීම කොමිසම රැස්වීමට අවශ්‍ය ඝන පූර්ණයට බාධාවක් නොවන බව ද නීතිඥ නිමල් පුංචිහේවා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.


සබැඳි පුවත් :

චාල්ස්ගේ ඉල්ලා අස්වීමෙන් මැතිවරණ කොමිසම අඩපන නොවේ - මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස් ඉල්ලා අස්වෙයි

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්