2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ

අවසන් මහා තරගයේ ICC තරග තීරක ලෙස වැනේසා ද සිල්වා කටයුතු කරයි.

ICC අවසන් මහා තරගයක් ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් විනිශ්චය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ.

වැනේසා ද සිල්වා, හිටපු බංග්ලාදේශ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක නියමූර් රෂීඩ් සහ සිම්බාබ්වේ ක්‍රීඩක ඔයින් චිරොම්බේ ඇතුළු නිලධාරීන් 15 දෙනෙකු තරග තීරක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෙම තරඟාවලිය සඳහා ප්‍රකාශයට පත් කර තිබුණි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පලමු පෙළ ක්‍රීඩා කළ වැනේසා දකුණත් පිතිකාරිනියක් ලෙස ජාත්‍යන්තර තරඟ 14 (ටෙස්ට් 1, එක්දින 13) කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ පළමු නායිකාව වූයේද වැනේසාද සිල්වායි.

එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇති ඇය ශ්‍රී ලංකාවේ එකම ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 78ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 63ක් රැස්කරමින් මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව අර්ධ ශතක රැස්කළ පළමු සහ එකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාව බවට පත්විය.


(dinamina.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්