බදු වංචා කරනු ලබන ආයතන හා පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම, වංචාකර ඇති බදු ප්‍රමාණය හඳුනා ගැනීම හා රටින් පිට කොපමණ මුදලක් රඳවා ඇති ද හා එම මුදල් හා බදු අයකර ගැනීමට නීති සකස් කිරීමට හා

වැඩසටහනක් සකස් කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කතානායකවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය 25 දා එම ඉල්ලීම සිදුකර ඇත්තේ පොහොට්ටු පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසිනි.

අපනයන ව්‍යාපාර වල යෙදී සිටින පුද්ගලයින්, සමාගම්, විවිධ වෘත්තිකයින්, හා විවිධ දේශීය හා විදේශීය ව්‍යාපාර වල නියැලී සිටින පුද්ගලයින් හා සමාගම් තමන් උපයන ආදායම් සඳහා රජයට ගෙවිය යුතු බදු නොගෙවා වංචා කරන බවට විවිධ පැමිණිලි ලැබෙන අතර රට තුළ මේ පිළිබඳව බලවත් කතාබහක් නිර්මාණය වී ඇත.



එසේම ඩොලර් බිලියන 53 ක පමණ ප්‍රමාණයක් රටින් එළියෙ රඳවා ඇති බවට විවිධ මාධ්‍ය මගින් මේ දිනවල ප්‍රචාරය වන අතර සමාජයේ කොටසකට පමණක් බදු ගෙවීමට සිදුවීමත් විශාල පිරිසක් තම උපයන ආදායම් සඟවා බදු ගෙවීම පැහැර හැර ඇති බවට ද විවිධ මූලාශ්‍ර මගින් තහවුරු වී ඇත.

එසේම අපනයන සමාගම් මෙරටින් අපනයනය කරන භාණ්ඩ සඳහා රටට ලැබිය යුතු විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් පිට රඳවා සිටින බවට සමාජය තුළ බලවත් කතාබහක් ඇති වී තිබෙන අතර පාර්ලිමේන්තුවේ ද මේ කරුණ පිළිබඳ බොහෝ අවස්ථාවල විවාදයට භාජනය වී ඇත.

 

මේ සඳහා විවිධ බදු උපදේශක සමාගම් හා බදු උපදේශකවරුන් ද විවිධ සමාගම් හා පුද්ගලයින් රජයට ගෙවිය යුතු බදු වංචා කිරීම දිරිගන්වන ආකාරයෙන් ව්‍යාජ ලෙස බදු වාර්තා සකස් කරන බවටද චෝදනා එල්ල වී ඇති අතර ඒ පිළිබඳව ද පාර්ලිමේන්තුවේ අවස්ථා කීපයකදීම විවාදයට ලක් වී ඇත.

පවත්නා ආර්ථික අර්බුදය සලකා බලා කඩිනමින් ඉහත කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස නීතිඥ මධුර විතානගේ මන්ත්‍රීවරයා කතානායක ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

afhwe

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්