පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මෙතෙක්

මුද්‍රණය සඳහා යොමු කර නොමැති බව වාර්තා වේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමු කර නොමැති බවයි.

xfgdfg5

ඡන්ද විමසීම් දැන්වීමක් (Poll Gazette) නැති  පළාත් පාලන ඡන්දයක් !

පළාත් පාලන ඡන්ද විමසීමේ පනතේ ඡන්ද දිනය හා වේලාවට අදාළ වගන්තිය පහත පළවේ.  මෙහි පළමු ජේදයේ කොමසාරිස් යන්නට ‘මැතිවරණ කොමිසම’ යන්න ආදේශ කර කියවිය යුතුයි.

xfgdy56

''එය හැකිතාක් දුරක සෙනසුරාදා දිනයක් හෝ තේරීම් භාර නිලධාරියා විසින් කොමසාරිස්වරයා (මැතිවරණ කොමිසම) ගේ ඒකගතාවයෙන් තීරණය කරනු ලබන දිනයක් හෝ දිනයන් විය යුතුය.

1. දැනට යෝජිත මාර්තු 9 සෙනසුරාදාවක් නොවේ.
2. එයට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලැබී නැත. (කෙමසාරිස්වරු 3 ක් දැනට එයට අත්සන් කර නොමැති බව වාර්තාවේ.)

මේ අනුව මැතිවරණ කොමිස ගැසූ ලිපියක් හැර තවමත් නීත්‍යානුකූල ඡන්ද ගැසට් එකක්, එනම්  පනතේ අංක 38 (1)  (ඇ) වගන්තියෙන් ගැසූ ඡන්ද විමසීම් දැන්වීම (Poll Gazette) නොමැත.

පළාත් පාලන නීතියට අනුව මිස මැතිවරණ කොමසාරිස් ජෙනරාල්ට අවශ්‍ය ලෙස ඡන්ද දිනය හා වේලාවන් තීරණය කළ නොහැකිය.  නමුත්, මේ සිදුව ඇත්තේ එය බව ඇතැම් මැතිවරණ නිරීක්ෂකයින් පවසති.

cxgrey6

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්